පිටු

Monday, October 1, 2012

නයි ටී එන් සහ කුරුලු නාලිකාව........





සරසවි ඇඳුරන්,සරසවි ශිෂ්‍යයන්,ප්‍රසිද්ධ දේශපාලන පක්ෂ,කලාකරුවන් දැන් පාරට බැස තිබේ.මම දන්න තරමින් සරසවි ඇඳුරන් පාරට බැස පාගමන් යන්නේ ප්‍රථම වතාවටයි.ඔවුන් ඉල්ලන්නේ ශ්‍රී ලංකාවේ දළ දේශීය ආදායමෙන් 6% ක් අධ්‍යාපනය සඳහා වෙන් කරන්න යන්නයි.එය ඔවුන්ගේ දරුවන්ට මෙන්ම ගමේ ගොඩේ පාසල් යන කුඩා දරුවන්ටත් නූපන් දරුවන්ටත් එකසේ වැදගත්ය.

නමුත් එය මහින්ද ගේ බේබිලාටවත්,විමලේ ගේ බේබිලාටවත්,සිල්වා උන්නැහේගේ බේබිටවත් කිසිම මැටි ඇමැටි බේබියෙකුටවත් වැදගත් නැත.එක්කෝ උන් ඉන්නේ ස්විසර්ලන්තයේය.නැත්නම් හමුදා මේජර්වරුන් තමාටම පහරදෙන දෙස අනුකම්පාවෙන් බලා සිට ඊලඟ සතියේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා පිටත්වී යයි.

නමුත් ගමේ ජනයා බනින්නේ ඇඳුරන්ටම ය.උන්ගේ ලොකු පඩිය වැඩිය..සිසු ජීවිත විනාස වෙනවාය...කැම්පස් වහාලාය...මේවා නම් ජන කතාය....මෙම ජනයා ජනකතා ගොතන්නේ නයිටී ඇන් කියන වේස ගෑනි සහ කුරුලු නාලිකා වේස ගෑනු දෙන්නාය...මුන් දෙන්නා නාන්න යන විට මහින්ද අබේසුන්දරයන්ද මේ ගෑනුන්ගේ පිට ඇතිල්ලීමට යයි...

මේ ගෑනූ කියන්නේ ම කලිනුත් අධ්‍යාපනයට 6 % ක් වෙන් කර තිබූ බවකි...මෙය මැක්කාගේ කතාවට සම කතාවකි...කලාතුරකින් අපි හිතමු ලංකාවේ පාසලකට ඇමැටි බේබියෙක් යනවා කියලා ,එවිට නයි ටී ඇන් කියන පරිදි අදාල ඇමැටි පියා ගසාකන කොටසද අධ්‍යාපනයට වියදම් කර ඇත....මේවා ඇසීම අධෝමුඛයෙන් ද කොක් හඬ ලා සිනාසීමට කාරනා ය.මේවා රස කර කර කියන උන්ගේ වැරැද්දක් නැත...වැරැද්ද ඇත්තේ උන්ගේ අම්මලාගේ තාත්තලාගේ ය.....

අපේ එකෙක් කියන පරිදි ඕකුන් හැදුවට වඩා හොඳයි සරමේ පිහදාගත්තානම් කතාව කිව යුත්තේ මුන්ටය....ඇත්තටම කිවහොත් මෙම නාලිකා වල වැඩ කරන මුදල් වලට ආත්මය පාවා දෙන උන්ගේ දරුවෝ ද නිදහස් අධ්‍යාපන් ඵල ලාභීහු වෙති....මුදල් වලට මෙච්චරම තමන්ගේ ආත්මය පාවා දෙන්නේ කිමදැයි උන්ගෙන්ම ඇසිය යුතුය....

මේක ලියලා ඉවර වෙලා මට හිතුනා පිටපත මහින්ද අබේසුන්දරගේ පියා[හොර] කියල දාන්නත් ඒත් මොකටද නේද....


Tuesday, September 11, 2012

මට සමාවෙයන් මල්ලි................ [කෙටි කතාව]





"මොකද්ද මේ කන කඩාගෙන යන සද්දේ "

ෆෝන් එකේ එලාර්ම් එක මහ හඬින් කෑ ගහන සද්දෙන් සුව නින්ද බිඳ වැටුනා....

ඇඳේ ඉඳගෙනම මම ෆෝන් එක අතට ගත්තා...

"අප්පට සිරි 6.25 යි නේද"

"ගෙදරට කීවෙත් නෑ තවම අද කොළඹ යන්න ඕනේ කියලා.පිකට් එකේ කතාව කියලා යන්න දෙන්නැතිවෙයිද දන්නේ නෑ"

ලහි ලහියෙම උණු කිරි කෝප්පෙට තියන ආසාව අතෑරලා අප්පච්චි ලඟට සේන්දු උනා..‍අයියත් හෝ ගාලා ලෑස්ති වෙනවා..පොරට වැඩට යන්න පරක්කු වෙලාද කොහෙද..

"අප්පච්චි".....
"අද මම කොළඹ යන්නද"?
"යාලුවෝ වගයක් එනවා කීවා කැම්පස් වහලත් නිසා, පොඩි රවුමක් දාලා එන්නම්",....

අප්පච්චිට කට අරින්න උනේ නෑ..අයියා එක පාරටම කඩා පැන්නා..

"නෑ උඹ කොහෙවත් යන්නේ නෑ..උඹ යන්න යන්නේ අද කොළඹ තියන පිකට් එකට නේද..අද ඕකට ගහන්න කියලා අපිට ඉහලින් ඕඩර් එකක් ඇවිත් තියෙන්නේ,අනිවාර්යෙන් ගහනවා" අනිවාර්යෙන් ගහන්න වෙනවා,නැත්තම් අපිත් ගස්"...
"යන්න දෙන්න එපා තාත්තේ මූට"...

වැඩේ ගැස්සුනා අයියා හින්දා...

"කමක් නෑ එහෙනම් ඉන්නම්".....මම කිවුවා..

අප්පච්චි නම් මොනවත් කිවේ නෑ..යනවනම් පලයන් වගේ හිටියා...

අයියා ඉක්මනටම පිටත් උනා..අප්පච්චිත් බයික් එකේ වත්ත පැත්තට පිටත් උනා...

ඔන්න ඔය අතරේ අම්මට බටර් පාරක් දාලා මම කොළඹ යන්න පිටත් උනා...

...................................................................................................................................................................

පැය තුනහමාරක ගමනකින් පස්සේ කෝච්චිය කොටුව ස්ටේෂන් එකට සේනුදු උනා..
එන යන කෝච්චි වල සද්දෙ මැඩගෙන පාර දිහායින් කෑකෝ ගහන සද්දයක් උස් හඬින් මතුඋනා..
එලියට එද්දි පිකට් එක පටන් ගන්නවා..ඒ මදිවට මොර සූරන වැස්සකුත් කඩාන වැටෙන්න ගත්තා..

"විශ්ව විද්‍යාල වහා විවෘත කරනු"...
"දල දේශීය නිශ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරනු" 


කියන විශාල බැනර් එක මැද්දෙන් මමත් සෙනඟ අතරට එකතු උනා...

පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට බස් නැවතුම් පල දෙසට සටන් පාඨ කියමින් ගමන් ගත් පෙලපාලිය නැවතත් කොටුව දුම්රිය ස්ථානය දෙසට ඇදුනා..

අප ඉදිරියෙන් යුධ ටැංකියකට සම වතුර විදින ට්‍රක් රථයද යකඩ වැටට පිටුපසින් කැරලි මර්ධන ඒකකයද සිටුවා සිටියා..

"අයියත් ඔතන පිටිපස්සේ ඇති මට හිතෙන්නේ..මූ අද කොළඹ එන්න ඇත්තෙ ඒකයි...එහෙනම් අද අයියලා අපිට ගහයි.."

හිත හිත ඉන්න ඉඩ ලැබුනේ නෑ..ඉදිරිපසින් වතුර විදිනවාත් සමඟම කඳුලු ගෑස් ටින් අප දෙසට පතිත උනා..
සෙනඟ සී සීකඩ දිවගියා...

ටික වෙලාවකින් එකා දෙන්නා නැවතත් බැරියර් ආසන්නයට එකතු උනා..අන්තරේ කැඳවුම්කරැ ඹල්වරසන් මැද යකඩ වැට මතට නැඟුනා..

ඔය අතරේ මගේ ෆෝන් වයිබ්‍රේට් වෙනවා A Aiya ලොකුවට ඩිස්ප්ලේ එකේ..මම එහෙමම ෆෝන් එක සාක්කුවට දාගත්තා...අයියා..දැක්කද දන්නෙත් නෑ..පේන්න විදිහක් නම් නෑ...දැක්කත් මොකද...
මට හිතුනා

පොලිස් නිළධාරීන් ද සාවදානව කතාවට සවන් දුන්නා...
සියලු දෙනාගේ කතා වලින් පස්සේ..අපි සියලු දෙනා නිවාස බලා පිටත් උනා..

ස්ටේශන් එකෙන් බහිද්දි මාව ගෙදරට එක්ක යන්න අයියා ඇවිත් හිටියා..පොලිස් යුනිෆෝම් එක පිටින්ම..

"මූ කලින් එන්න ඇති එහෙනම්"..

මම බයික් එකට නැංගා..

ගෙදර යනකම් අපි අතරේ කිසිම කතාවක් උනේ නෑ..................

ගෙදරට ගොඩවෙද්දි..අයියා මාව තදින් බදාගත්තා...ඇස්වල කඳුලු...

මට සමාවෙයන් මල්ලි...මගේ යදමින් බැඳගත්ත ආත්මයට සමාවෙයන්..!!

අයියා හිමින් මිමිනුවා...





Monday, August 27, 2012

මම නුඹට ආදරෙයි..........






සෑහෙන කාලෙකින්
නැවතුනේ මම ඔබ ලඟ
ඇත්තටම කිව්වොත් 
ඇස් දෙක ළඟ........
ඇස් දෙකට 
ඇස් දෙක හමුවුනාමනම්
මේච්චර කාලෙකට 
මගේ හිතෙන් පිටවෙච්ච
ගිනි අඟුරු නිවිලා ගියා
වගේ දැනුනා......
ඒ ඇස් වල එච්චර ආදරයක්....
තවමත් මම ඒ ආදරේ 
විඳිනවද මන්දා....
ඒ ආදරේ පිරිච්ච ඇස්....
මම මගේ හැම සිතිවිල්ලකම 
හොයනවා වගේ....
ඒත්....
ආවා වගේ
යන්නත් එපැයි නේ.....
දුකින් පිරුණු මූණ
හඳ වලාකුළකින් වැහුනා වගේ

"අපි අය කවදද හම්බෙන්නේ"?

මම හෙමින් මිමිණුවා...............

මේක ටිකක් කාලෙකට කලින් ලියපු එකක්.මූණු පොතට දැම්මා ඒත් බොලොක් එකේ පල කොරන්න බැරිඋනා.හොඳයි කියලා හිතෙනවානම් මොනා හරි කියලම යන්න.ඒක මට ලොකු හයියක්.........

මගේ හිත කීරි ගැහුනා...[කෙටි කතාව]



"තොර තෝංචියක් නැතිව කෝච්චි එහා මෙහා දුවන කොළඹ කොටුව ස්ටේෂන් එකෙන් ටිකට් පරීක්ෂා කරන කොටස හරහා මම ගාලු පාරට සේන්දු උනා".....
"නෙලුම් පොකුණ ගාවට යන්න බස් එකක් හොයාගන්නත් එපැයි.තව වෙලත් තියනවානේ තාම රැලිය පටන් අරගෙන නැතිවත් ඇති.අපේ අනෙක්  අයත් ඇවිත් ඇති දැන්නම් විහාර මහා දේවි පාර්ක් එකට.සමහර විට සර්ලත් ඇති"...
"මේකෙන්වත් 6% ඉල්ලීම ලැබිලා කැම්පස් පටන් ගත්තොත් නම් හොඳයි"...

"ස්ටේෂන් එකේන් ගාලු පාර පැත්තට සේන්දු වෙද්දි වම් පැත්තේ ලොකු ගාල ගෝට්ටියක් වගේ ඇහෙනවා".
"මිනිස්සු වගයක් බෝර්ඩ් උස්සගෙන පාරෙ එක පැත්තක පිරිලා.ඊට ඉස්සරහින් පොලිසියේ මහත් හොරු 50ක් 60ක් විතර ලොකු බැරියර් පහ හයක් දාගෙන අවි අමෝරගෙන".

"මම ටිකක් කිට්ටුවට ගියා...............

"වයසක මිනිස්සු වගයක්...කෙස් හොඳටම පැහිලා.මම හිතන්නේ අවුරුදු 60 කට කිට්ටු අය".

"මගේ ඇහැ බොර්ඩ් එකකට ගියා".

"අද අපි ගැන බලන්නේ කවුද"?

"80 ජූලි වර්ජකයින්ට සාධාරණය ඉටුවන්නේ කවදාද?"


ඒ බොර්ඩ් වල තියෙන දේවල් දැක්කාම මගේ හිත කීරි ගැහිලා ගියා.

"80 ජූලි වර්ජනයට සහභාගී වෙච්ච,කිසිම හේතුවක් නැතිව රස්සාවෙන් දොට්ට දාපු,රස්සාව කරගෙන හිටියනම් හොඳ වැදගත් විදිහට ජීවත් වෙලා ඉන්න තිබුනු රජයේ සේවකයෝ නේද මේ"....

"තමන්ගේ බිරිඳ රස්සාවක් නොකරපු දරුවෝ තුන් හතර දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් දොට්ට දැම්මා නම් ඒ පවුලට ඇතිවෙන තත්වේ මොකක්ද"?
"කියලා මට හිතුනා".............................

"මොන ඡන්දෙන් මොකා ආවත් ඔක්කොම එකයි"..

"මොන මගුලක්ද ඕයි කරන්නේ ඉක්මන් කරනවා ඉක්මන් කරනවා බලන් ඉන්නේ නැතිව.අර අනෙක් බැරියර් එකත් දානවා ඉක්මන් කරලා..
මුන් මේක පෙරලුවොත් මල වදේ"

"පොලිස් නිලධාරියෙක් කොස්තාපල් කෙනෙකුට බෙරිහන් දෙන සද්දෙන් 

මම පියවි ලොවට ආවා"..............

Monday, August 20, 2012

ස්ට්‍රයික්............[කෙටි කතාව]





ටං ටං ටං..................................


මගීන් කරුණාවෙන් සවන්දෙන්න.
මේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයයි.තුන්වන වේදිකාවට දැන් පැමිණි දුම්රිය අනුරාධපුර ඕමන්තේ බලා ධාවනය වේ.
දුම්රිය නවත්වන්නේ අඹේපුස්ස,අලවුව,පොල්ගහවෙල.
පොල්ගහවෙල සිට අනුරාධපුර ඕමන්තේ දක්වා ඇති සියළුම දුම්රිය ස්ථාන වල නවත්තනවා ඇති..


ටං......ටං........ටං................................


' යකඩ කටේ කන්දොස්කිරියාව දැන් ඉතින් ගෙදර යනකන් විනාඩි පහෙන් පහට අහන්න එපැයි '
මට එහෙම හිතුනා...

"අද අදිනවා ජයෝදා,ගොවිසෙත,ජනජය, වාසනාව අද අදිනවා අද".....

' ඒත් එක්කම ස්විප් ටිකට් විකුනන ගෑනු මනුස්සයෙක් කෝච්චියට ගොඩවුනා '
' කොන්ඩේ ටිකක් පැහිලා..එක අතකින් ඉටි බෑග් එකක් එල්ලගෙන.අනෙක් අතේ ටිකට් මිටියක් '

'මගේ හිත ක්ෂණයෙන් ගෙදරට දිවුවා.'

'අම්මා දැන් අනුරාධපුරේ ඉස්පිරිතාලේ ඉස්සරහා කෑගගහ ඉඳිආප්ප,පිට්ටු විකුනනවා ඇති....උදේම නැගිටලා හදලා බස් එකේ තනියම අරන් ගිහින්..මාර ගහ ඉස්සරහ.ගිනි රස්නෙට පිච්චි පිච්චි'....

'මගේ ඇස් දෙකට කඳුලු පිරුණා.'

'මම දැන් ගෙදර ගියත් ගෙදරට බර වැඩියි.මල්ලිත් ඉන්නවනේ.මල්ලි මම එනවා කියපු හින්දා සතුටින් ඇති.මිනිහ මේ පාර විභාගෙත් හොඳට ගොඩදාගන්න ඇති.'
'ඒත් ඉතින් වැඩක් තියනවා ඇයි අර ඒ තුන තියන උන්ටත් කෙල වෙලා තියෙන්නේ'.
'උන්ටත් කැම්පස් යන්න බැරිවෙලා තියෙන්නේ' 
'දැන් විභාග පාස් උනත් වැඩක් නෑ.සල්ලි තියන උන්ට විතරයි ඉගනගන්න පුලුවන්.මට එහෙම හිතුනා.'

'අපිටනම් දෙයියන්ගේ පිහිටෙන් කැම්පස් යන්න පුලුවන් උනා'..

'ගෙදර ගියාම නම් ජොබ් එකකටවත් යන්න වෙයි.අම්මත් දැන් හොඳටම වයසයි.අම්මට ඔය රස්සාව දිගටම කරන්නත් බෑනේ...මේ ස්ට්‍රයික් එකත් දිගටම ඇදෙයි වගේ'....


"ද..ඩ.ස්...බ..ඩ..ස්"...........

'කෝච්චිය අද්දන සද්දෙන් මම පියවි සිහියට ආවා'.............................

Tuesday, August 14, 2012

දෙදහස් දොලහේ යුද නැව උනුපිට බාන්න.......





සෑහෙන ම කාලයක් ගතවුනා පෝසට් එකක් නොදා.හිත හිත ලියන්න දේවලුත් නෑනේ අනික කවියක් වත් හිතට ආවේ නෑ සෑහෙන කාලෙකින් ටික දවසකට කලින් ලියපු එකක්නම් මූණු පොතේ දැම්මා ඒත් ඒක බොලොග් එකට දාන්න කම්මැලි හිතුනා.ඇයි මේ දවස් වල සෑහෙන කම්මැලි කමේනේ ගෙදරට වෙලා ඉන්නේ ආචාර්ය ගොල්ලන්ගේ අරගලේ නිසා.ඒක ගැනත් මම පස්සේ මොනවා හරි දාන්න හිතන් ඉන්නවා.....
මූණු පොතේ තිබිච්ච එකක් එහෙම ගෙඩිය පිටින්ම මේකේ දාලා ආපහු අයින් කරා.ආචාර්ය ගොල්ලන්ගේ අරගලේ ගැන තිබුනු ලිපියක්.ඒකේ අකුරු පොඩි වැඩි නිසා.ඒවා ඉබි නොව අබ සයිස් කියලා එහෙමත් දාලා තිබුනු නිසා මම එක අයින් කරා.මම මේ ගොල්ලන්ගෙන් ඒකට මුලින්ම සමාව ඉල්ලනවා.දැන් ඇති නේ ද කතාව පී:

මම අද දෙන්න යන්නේ හොඳ බයිස්කෝප්පයක් Battleship කියලා ආවේ මේ ලඟදි කට්ටිය නොදන්නේ නැතියයි කියලා මම හිතනවා.මේක ටිකක් කොලිටි කොපියක්.ඉංගිරීසි සබ් එහෙමත් තියනවා.මම පහලින් ස්කිරීන් සොට් ටිකකුත් දාන්නම්කො බලාගන්න.හැබැයි ඕකේ 720p මොන p ද කියලනම් මම දන්නේ නෑ.නමේ එකේ එහෙම ගැහුවට.හැබැයි සෑහෙන කොලිටි එකක් තියනවා කියලනම් දන්නවා.අනික මම බයිස්කෝප්පේ බැලුවෙනම් නෑ.උඩින් පල්ලෙන් ටික් ටික් මෙතඩ් එකෙන් නම් බැලුවා.හොඳය කියලා හිතුන නිසා ඔයගොල්ලන්ටත් දෙනවා.

මෙතනින් ටොරන්ට් එක ගන්න හැබැයි පැයක් වත් සීඩ් කරන්න මොකද පලවෙනියට අප්ලෝඩ් කරන්නේ මම.
ඩිරෙක්ට් ලින්ක් එක මෙතනින් ගන්න.ක්ලික් නොකර රයිට් ක්ලික් එකෙන් යූ ආර් එල් එක ඩවුන්ලෝඩ් මැනේජරයගේ පේස්ට් කරන්න

තව දෙයක් කියන්න තියනවා මම මේක ඩිරෙක්ට් බෑවේ මේ සයිට් එකෙන් මේකේ එක ලින්ක් එකෙන් ඩිරෙක්ට් බෑවැහැකි.සෑහෙන්න බයිස්කෝප්ප තියනවා.කොලිටියත් හොඳා.




මේ තියෙන්නේ ස්කිරීන් සොට් ටික





Saturday, July 21, 2012

ආදරණීය මගේම නංගීට...............

මේ ලියුම මුල සිට අගටත් අග සිට මුලටත් කියවන්න.කියවලා රස විඳින්න.දෙයක් තියනවනම් ඒක ගන්න.මොනවා හරි දෙයක් හිතෙනවනම් ඒක කියලා යන්න.
මේක ඇත්තටම ලීවෙනම් මම නෙවේ.මගේ යාලුවෙක්.නමින් කීවොත් කවිඳු චතුරංග.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍යය පීඨයේ පළමුවන වසරේ ඉන්නේ.
මේකේ තියෙන්නේ එයාගේ අත්දැකීම් වෙන්න ඇති.මගේ ජීවිතේටත් මේ ලියුමේ තියන දේවල් අදාල වෙනවා .ඒ කියන්නේ මේකේ මගේ අත්දැකීමුත් තියනවා.
මේ වගේ දෙයක් ඔය ගොල්ලන්ටත් බලන්න ඕනේ නිසා මම මේ ලිපිය මගේ බ්ලොග් එකේ පලකරනවා.
ඉස්සරහටත් මේ යාලුවගේ නිර්මාණ මගේ බ්ලොග් එකේ බලාගන්න පුලුවන් වෙයි.හම්......දැන් කතා ඇති කියවලාම බලන්නකො.......


ආදරනීය නංගී වෙතටයි ,
                                              දෙමව්පියන් පවසන ඇත්ත හා ඇත්තට ම ඇත්ත 
       මේ ලිපිය ලියන්න කලින් මං ගොඩාක් කල්පනා කලා , මං ඇයි මේක ලියන්නේ කියල..ඒ වගේ ම මේක ම්ං ලියන්න ම ඔනෙ ද කියලා.අන්තිමට මං තීරනයකට ආවා.මේ තමයි මේ හැම දෙයක් ම ඔයාට කියන්න තියෙන හොඳම කාලය සහ වෙලාව කියලා.ඒ නිසා මේකෙ තියෙන දේ හරියට ම තේරුම් ගන්න උත්සහ කරන්න.මොකද මං දන්නවා මේ දවස් වල ඔයා ඉන්නෙත් මං ඒ කාලෙ හිටිය වගේ ම පීඩනයකින් කියලා.මොකද ඔයා ලියන කියන දේවල් වලින් මට ගොඩාක් ඒක දැනිලා තියෙනවා.
                                                       මේ හැම දෙයක්ම මගේ ම අත්දැකීම් කියල හිතුවත් වරදක් නෑ.මුලින් ම මං එක දෙයක් කියන්නම්.මේ කියන දෙයින් ඔයාගේ ඔලුවේ සංවාදයක් ගොඩනැගේවි.මං කියන දේට විරුද්ද මතයක් ගොඩනැගේවි.එත් කමක් නෑ , මං ඉල්ලන්නේ මෙ ලිපිය ගොඩාක් ඉවසීමෙන් කියවන්න කියලා.ඇත්ත ම කිව්වොත් ගොඩාක් වෙලාවට අම්මා තාත්තා කියන දේවල් සහ ඇත්ත ම ඇත්ත කියන්නෙ එකම දෙයට ම තමයි.

අම්මා තාත්තා කියන්නේ ඇත්තම ඇත්ත.එයාල තමයි අපි ගැන ඇත්තට ම ආදරෙන් හිතන්නේ.ඒ ආදරේට අයිතිකර ගැනීම් නෑ.මොකද දැනටමත් එයාල අපිව අයිති කරගෙන ඉවරයි.නේ?අපි ඉපදුනේ එයාලට අයිති වෙලා..හැදුනේ වැඩුනේ එයාලට අයිති වෙලා..ඉතින් එයාලට පුලුවනි නිදහස් විදියට අපි ගැන හිතන්න.නිකමට හිතන්න , අපි තවත් කෙනෙකුට ආදරේ කරනවා කියලා..නොකා නොබී...දවස් ගනන් අඬ අඬ...අපි ඒ වෙලාවට අපි ගැන වත් හිතන්නේ නෑ නේද? අපි හිතන්නේ ම අපේ ආදරේ ගැනම නේ? එතකොට අපි ගැන හිතන්නෙ කව්ද ඒ වෙලාවට?අපේ ම ආදරනීය අම්මා හරි තාත්ත හරි නෙමෙයි ද අපිට වතුර උගුරක් වත් බලෙන් හරි පොවන්නේ?
                                                      

මතක් කරන්නද හැමදාමත් අපේ අම්ම කියපු කතාවක්? 'පුතේ ඉස්සෙල්ලා ඉගෙන ගෙන හිටපන්..ඊට පස්සෙ පුලුවන් වෙන ඔනේ දෙයක් ගැන හිතන්න..පස්සෙ පුලුවන් කසාදයක් බැඳ ගන්න..' මේ කතාව මට ගොඩාක් ම ඇහුනේ මන් උසස් පෙල කරන කාලේ.මොකද ඒ කාලෙ මටත් පොඩි පලහිලව්වක් තිබුනා නේ..ඒක අම්මත් එයාගේ සැටර්ලයිට් එකෙන් හොයාගෙන තිබුනා.මොකද අම්මලා ට පුදුම ඉවක් තියෙනවා අපේ හොර අල්ලන්න.ඒක හැම අම්මාට ම පොදුයි මන් හිතන්නේ.අම්මා හැමදාමත් මේ කතාව කිව්වා තමයි..එත් අපිටත් ඒ කාලේ පොඩි නෙමේ ටිකක් ලොකු කැහිල්ලක් තිබුන නේ..ඒ කාලෙ මං නම් හිතුවේ මට මතක විදියට..'අපෝ අම්මල තාත්තල මේ හැම සෙල්ලමක් ම නටන්න ඇති..දෑන් එනව අපිට එපා කියන්න.අපිත් මේවා කලාම මොකෝ වෙන්නේ ඉතින්..'ඔයාට කොහොම හිතෙනවා ද කියල මන් නම් දන්නේ නෑ.ඒත් වැඩි වෙනසක් හිතෙන්න විදියකුත් නෑ ඉතින්..මේ කාලෙ අපිට ජීවිතේ ගෙවන්න , ආදරේ කරන්න ක්‍රම දෙකක් තියෙනවා.මේ දෙකෙන් ඔයා එකක් ‍තෝරගන්න.මොලේටිකක් තියෙනවා නේ?

ඔන්න අංක එක..පරාර්තකාමී ලෙස ජීවිතේ ගෙනයාම..අංක දෙක ආත්මාර්තකාමී ලෙස ජීවිතේ ගෙන යාම...මුලින් ම කියන්න ඔනේ..අම්මා තාත්තා අපිට පෙන්වන්නේ අංක දෙක මාර්ගය..මොකද එයාලා අපිට ආදරෙයි..ඒත් අපිට පේන්නේ ම අංක එක මාර්ගය..ඒ හම දෙයක් ම වෙන්නෙත් අපෙ ශරීරයේ වෙන වෙනස්කම් එක්ක අපිව යොමු කරන්නේ අංක එක වෙතයි.අංක එක ගැන තව දුරටත් කතා කලොත් , ඒක ටිකක් කෙටි මාර්ගයක්..ශෝර්ට් කට් එකක්..කොටින් ම කිව්වොත් ඒක මාර ආතල්..ෆන්..කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි එක්ක යාලු වෙලා..අත් අල්ලගෙන ලෝකෙම තියෙන හීන මව මව රට වටේ ම ඇවිදින්න පුලුවන්.මාර සතුටක් තියෙන්නේ.ක්ලාස් යන්න මාර ආසයි..එක්ස්ට්‍රා ක්ලාස් එකක් දැම්ම ම දවස ම ෆන්..මටත් එහෙම කාලයක් තිබුනා.කොටින්ම කිව්වොත් මං හිටියෙත් එහෙම කාලෙක ම තමයි ඉතින්...කෙටියෙන් ම කිව්වොත් කසාද බඳල වගෙ නෙ ඉතින්.ඒ කාලේ නිතරම ඇහෙන කතා ගොඩායි..එක්සෑම් කාලෙට එහෙම.. 'මේ ඔයා මන් ගැන හිතන එක නවත්තල පාඩම් කරන්න ඔනේ හරිද..අපි දෙන්නා ම උදෙන් ම නැගිටල පාඩම් කරමු නේ?ඔයා මාවත් ඇහැරවන්න හරිද..? 'මාරයි නේ?කොච්චර හොඳ ආදරනීය දෙන්නෙක් ද? නේ? මගුල තමයි ඉතින්.. මේ කියපු විදියට වැඩ කලා නම් අද මං අයිලන්ඩ් ෆස්ට්...එයා සෙකන්ඩ්..කට්ටිය ඉතින් කියන වෙලාවට උදෙන් නැගිටිනවා තමයි..ඒත් පාඩම් කරනවාටත් වඩා කරන්නේ වෙන මගුල් නේ.ඕක තමයි අංක එක..පස්සේ අපි කතා කරමුකෝ මේකේ හොඳ නරක ගැන..

මෙන්න මේක තමයි අංක දෙක..මේක අංක දෙක කිව්වාට මේකේ අංක එක තමයි ඉගෙනීම..දෙකත් ඉගෙනීම..තුනත් ඉගෙනීම..අම්මා හැමදාමත් කිව්වේ වෙන දෙයක් ගැන හිතන්න එපා කියලයි.අඩුම ගානේ ට්‍රිප් එකක් ගියෙත් නෑ ක්ලාස් කට් වෙන නිසා..ඉගෙනගෙන ඉවර වුනා ම කසාදයක් බැඳ ගන්න පුලුවන්..එහෙමයි අම්මා කිව්වේ..එත් එතකොට මට හිතුනෙත් මෙහෙමයි..'ඉගෙන ගෙන ඉවර වුනාම කෙල්ලෙක් හොයා ගන්නේ කොහොමද?ඔක්කොම කෙල්ලෝ සෙට් වෙලා ඉඳියි..මොන මගුලක් ද මේ?එපා වෙන ජීවිතයක් නේ..'අපි දැන් මේ දෙකේ සංසංදනයක් කරලා බලමු..ඇත්ත නැත්ත මොකක්ද කියලා..ආදරේ කියන්නේ ඕනෙ දෙයක් තමයි.එත් ඉගෙන ගැනීමත් එක්ක ආදරේ පටන් ගත්තා කියන්නේ ලොවෙත් ඉගෙනීම කඩාකප්පල් වෙනවාමයි.යන්තම් පාස් වෙන්න පුලුවන්කමක් තිබුන එකෙක් ෆේල් වෙනවාමයි.මෙඩිසින් යන්න හිටපු එකෙක් ඩෙන්ටල් යනවාමයි..ඩෙන්ටල් යන්න පුලුවන් එකෙක් වෙට් යනවාමයි..බොරු නෙමෙයි මේ.එත් හිතට සතු‍ටුයි නෙ?ආදරෙත් එක්ක ජීවිතේ දිනනවා වගේ හැඟීමක් එනවා නේ?

එත් ඇත්ත ම කතාව මේක නේ..අපිට අපේ ආදරෙ වෙනුවෙන් ගොඩාක් දෙවල් කැප කරන්න වෙනවා මේ කාලෙ ආදරේ පටන් ගත්තොත්..මොකද මේ කාලෙ තමෛ අපි ජීවිතෙ වෙනස් කරගන්න කාලෙ..ජීවිතේ හදාගන්න කාලෙ..නිතරම වෙනස් වීම් වෙනවා ඉතින්..මේ වෙනස් වීම් එක්ක ආදරේ ‍රැක ගන්න නම් මාර ගේමක් දෙන්න ම වෙනවා.මොකෝ අපි තාමත් ස්තාවර නෑනේ.ඉතින් තීරන ගන්න කොට ගොඩාක් අමාරුයි.එක්සෑම් එකට ක්ලාස් ‍තෝරන කොට දෙන්නාට එකට යන්න ක්ලාස් තොරන්න වෙනවා.ක්ලාස් යන්නේ බස් එකේද නැත්නම් ට්‍රේන් එකේ ද කියල ‍තෝරනකොට දෙපාරක් හිතන්න වෙනවා..ක්ලාස් යන අවුරුදු දෙක කමක් නේ කියල හිතමුකෝ..එත් ඊට පස්සේ..?විබාගෙන් පස්සේ? මොකෝ කරන්නේ?මීට් වෙන්න විදියක් නෑ.නේ?ගෙදරට වෙලා ඉන්නත් බෑ.ගෙදරින් එහෙන් කරදරේ වෙන කෝර්ස් එකක් කරන්න කියලා.තාත්තා සමහරවිට කෝර්ස් එකක් හොයලත් ගෙනත් දෙනවා..ඒත් යන්න බෑ..අරයට බෑනේ..ඉතින් මං යන්නේ කොහොමද?තමන් කැමති දෙයක් කරන්නේ කොහොමද? මේ හැම දෙයක් ම අපි කරන්නේ ගොඩාක් සතුටින් තමයි..එත් දන්නේම නැතුව අපි අපෙ වටිනා ජීවිත කාලෙ විනාස කරනවා නේ?මේ හැමදේකින් ම වෙන්නේ ඒක නේ.අපෙ ජීවිතේ ගතවෙනවා අපි දන්නේ ම නැතුව.ඇයි මෙහෙම වෙන්නේ?...අහ් ඔන්න එක්සෑම් රිසාල්ට්ස් ආවා..

අප්පටසිරි එයා පාස් මන් ෆේල් නම්?එක්කෝ එයා ෆේල් නම්?කොච්චර නම් දේවල් හිතන්න වෙයි ද?හදිසියේ කවුරු හරි කැම්පස් තේරිලා නම්?මොකෝ වෙන්නේ?හරි අවුල් නේ?හිතමුකෝ දෙන්නම කැම්පස් තෙරිලා කියලා...එත් දෙන්නා තෙරිලා තියෙන්නේ වෙන කැම්පස් දෙකකට නම්?ඒකත් අවුල් නේ?දෙන්නම එකම විදියට විබාගෙ ලියල එකම තැනකට එන්න කොච්චර නම් අඩු අවස්තාවක් ද තියෙන්නේ කියලා තේරුනා නේ?ඉතින් අන්තිමට මොකෝ වෙන්නේ????දෙන්නට ම ජීවිතේ ගොඩාක් දේවල් මගහැරුනු එක විතරයි වෙලා තියෙන්නේ.ජීවිතේ අපිට ගොඩාක් දේවල් මග හැරිලා..තමන් කැමති අනාගත ටාර්ගට් එකත් මට මිස් වෙලා.ඒත් ඒක නෙමෙයි නේ වැදගත් ම දේ..අපි මේ හැම දේම කලේ මොකක් වෙනුවෙන් ද?අපේ ආදරේ වෙනුවෙන් නේ...

අපි හැරිලා බලනකොට අපිට අපේ ආදරෙත් මග හැරිලා.මං අදහස් කලේ නෑ ආදරේ නැත්තට ම නැති වෙලා කියලා..ඒත් අපි ලිං මැඩියෝ වගේ අපේ ම ලෝකෙක ඉඳල හිත හිතා ඉඳපු පූජනීය ආදරේ කෝ?මීට් වෙන්න වෙලාවක් නැති වෙන තරමට ම ඒ ආදරේ තව තවත් පූජනීය වෙලා..කතා කරන්න වත් වෙලාවක් නැති වෙන තරමට ම...අන්තිමට අපි නවතිලා තියෙන්නේ කොතන ද?අපේ ජීවිත , අපිට ඇත්තට ම ආදරේ කරන අපේ අම්මා තාත්තාට වත් ගොඩ ගන්න බැරි වෙන තැනක..නේ? මේකෙ කේදවාචකය තමයි අපි මේ හැමදේ ම කැප කරලා බලාපොරොත්තු වුන අපෙ ආදරේ වත් අන්තිමට අපි ලඟ නැති එක.මෙන්න මේක තමයි ඔයාට මං පෙන්වන අංක එක පාර.
                              
මෙන්න එහෙනම් අංක දෙක..මං අංක එක පාර ගැන ගොඩාක් දෙවල් කියපු නිසා ම මේක ගැන කියන්න දෙයක් නම් නැති තරම්..අම්මා මට පෙන්නපු පාරත් මේකම තමයි.මං මේක ආත්මර්තකාමි මාර්ගයක් ලෙස හඳුන්වපු එකට ඔයාගේ අකමැත්තක් නෑනෙ නේ?අපි ගොඩාක් නිදහස් මෙතනදි..තමන් කැමති විදියට ඉගෙනීම් කටයුතු කරන්න අවකාශය ලැබෙනවා.බාදක නෑ.ගැටලු නෑ.අවසානයෙදි අපි මේ මාර්ගයේ ම තැනකදී ස්තාවර වෙනවා.එතන දී අපිට ආදරයක් ගැන හිතන්න අවස්තාව එනවා..

මතක තියාගන්න එතකොට අපිට එතනදි ලැබෙන ආදරේ..අපිට අංක එකේ දි මතු වුන ගැටලු ගොඩාක් විසඳගෙන තමයි අපිට හම්බෙන්නේ..මොකද අපිට හම්බෙන කෙනාත් මං ස්තාවර වුන මට්ටමේ ම ස්තාවර වුන කෙනෙක් වෙනවා.අදරයක් අපිට අති වෙන්නේ අපි නිතරම ගැටෙන තැනක ඉන්න මුහුනක් එක්ක.අපිට ඉස්සර ආදරේ ඇති වුනේ අපි හා සමාන වයසෙ ඉන්න අපේ පංතියේම කෙනෙක් උනෙත් ඒක ම තමයි.මෙන්න ම්ං පෙන්වන අංක දෙක.මොකක් ද ඔයා ‍තෝර ගන්නේ..??? මේකෙ ගැටලු ගොඩාක් තියෙන්න පුලුවනි.ඒ වගේම ගොඩාක් මත බේද තියෙන තැන් තියෙන්නත් පුලුවනි.ඒ හැමදේකට ම මේක විවෘතයි.මේකෙ දි ඔයාට ඇති වෙන ගටලු මං දන්නවා.ගොඩාක් වෙලාවට ඒවට උත්තර මගේ ඊලඟ ලිපියෙන් ඔයාට හමුවේවි.එතෙක් ඔයාගේ සිතුවිලි වලට මගේ ඉඩ...ජයවේවා!!!

                                                  ඔයාගේ ම අදරනීය අයියා..

කොහොමද
මගේ අදහසනම් කියන්න වචන නෑ
ඔයාලට දැනුනේ කොහොමද????????????





Tuesday, July 10, 2012

අමතක නොවෙන දවසක්......



නුඹ.......


ගීතනම් මහ ගොඩකි

නුඹ ගැනම ගැයෙන


අසා ඇති දා සිටම

 
හිතේ ඇති ලෙන්ගතුකම


ටිකෙන් ටික එකතු වී


ඇති අරුම ය


දැන් මහ ගොඩක් වී ඇත


තිබිණි කුතුහලය


හිත තුලම වැඩුනු


මහා මෙරක් මෙන්


කොපමණ හැඩද නුඹේ රුව


කෙතරම් සිහිලසක් දැනේ ද


නුඹ ලඟ


සියුම් බියකුත් නැතිව තිබුනා ද


නොවේ


ඉවසිල්ලක් ද හිතට නොතිබුණි


දකින තුරැ විඳින තුරු


ඒ අපමණ සුවය ඔබගෙන්

හන්තාන කුමරියේ

කෙතරම් අපූරුද


සුන්දරද


ඒ ගෙවී ගිය


හෝරා කිහිපය නුඔ ලඟ...........





කට්ටිය ගේ සැප සනීප කොහොමද කාලෙකින් 

හම්බුනේ නේද.මමත් මේ දවස් ටිකේම ඔහේ හිටියා 

ලියන්න හිත දුන්නෙත් නෑ.නොහිතුනාම නෙවේ

ලියන්න සිත්විල්ලක් පහල උනේ නෑ.

මේක පහල උනේ නම් පොඩි සිද්දියක් නිසා.මොකද

89 90 කාලේ කවුරුත් අහලා ඇතිනේ.මම මතක් 

කරලා දෙන්න ඕනේ නෑනේ.පේරාදෙණිය සරසවියේ 
වගේම හැම සරසවියකම කොල්ලෝ කෙල්ලෝ

දහස් ගානක් මේ කාලේ ඝාතනයට ලක් උනානේ. 

ඉතින් පේරාදෙණිය ගැන මතක් කලොත් ඊ ලඟට 

අපේ හිත් වලට එන සිතුවිල්ලනේ හන්තාන.

මේ කාලේ ඉගන ගත්තු කොල්ලෝ කෙල්ලෝ මරණ 

භය නැතිකරගෙන තියෙන්නේ හන්තාන කන්දේ 

හැන්ගිලාලු.මේ අය සිහිකරන්න සරසවියේ හැම 

අලුත් කණ්ඩායමක්ම හන්තාන කන්ද තරණය 

කරන්න යෙදෙනවා.අපිත් මේ වාසනාව ලබාගත්තා

මේ ලඟ දි දවසක්.

මේ නිමිත්තට මට හිතුන දෙයක් තමා මම ලිව්වේ

එදා ගත්තු ෆොටෝ ටිකකුත් මම දාන්නම්කෝ.

















Saturday, June 30, 2012

මට හිතුන දේවල්......:පී







වෙනදා ක වගේ මෙන්
හන්තාන නැත ළඟක
උනුහුමක ගුලිවෙන්න
නුඔත් අත ළඟක නැත
කෑකෝ සමඟ කුණුහරප
එකෙක්වත් නැත ළඟක
ඇහැරිලා බලනකොට
ගෙදර මම මගෙ ඇඳ මතම ඇත
ස්ට්‍රයික් එක තාම හරියටම නිමා නැත
වෙනදා මෙන් පාළුවෙන්
අද දිනත් ගෙවෙනු ඇත....................................









Friday, June 29, 2012

සෑහෙන්න සතුටුයි.............................

ඹන්න ඉතින් අනධ්‍යන සේවක ගැටලුවට පිලිතුරු ලැබිලා.ලැබිලා කීවට මම හිතන්නේ ලැබිලමත් නෑ.දවස් 45 ක තවත් පොරොන්දුවක් විතරක් ලැබිලා.අපි දන්නේ නැද්ද ඉතින් දේශපාලන අද්ඟයින්ගේ වැඩ.වචනේ හරිද දන්නේ නෑ.මොකක් හරි මම දන්නේ නෑ ඒක ටයිප් කරන්න.:පී


මමත් කැම්පස් යන්න එක බස් එකක නැගලා ලඟ තියෙන හන්දියටත් ගිහින් ඊලඟ බස් එකටත් නැගල ඉදගත්තා විතරයි.ඹන්න ඉතින් කෑගහනවා ජංගම යන්තරේ.මොකද කියලා බැලින්නම් ගෙදරට කනු නෑනේ.හන්දියට ආවා විතරයි එනවා එනවා මැසේජ් ඉවරයක් නෑ.පලවෙනි මැසේජ් එකම දැක්ක විතරයි මගේ කට කනේ.


ඒකේ තියනවා


Apita lectures saduda.pass this message 


කියලා.එහෙමම එක පයින්ම ගියා ගෙදර. දැන් ඉතින් ඔබතුමාලා හිතනවා ඇති මේක තමා මට සෑහෙන්න සතුටු කියලා.මොන සතුටක්ද මේ ස්ට්‍රයික් නිසා අපි ගෙදරට නාකි වෙනවා.මොන කරුමයක්ද :පී


ඒක නෙමේ එහෙම හිතුනනම් වැරදි


ඔහොම දවසක් ගෙදර ඉඳලා මේල් චෙක් කරද්දි මෙන්න තියනවා කාලිංග මහත්තයගෙන් මේල් එකක්.සතුට නිම කරන්න බෑ.මමත් දැන් සින්ඩියෙලු.


ඇයි හත්වලාමේ කීපාරක්නම් අර නීති ටික කියවන්න ඇතිද ඒවා බලද්දිනම් හිතෙනවා මේ සින්ඩියටනම් මගේ බ්ලොගේ දානවා බොරු කියලා.
කීපාරක් නම් ඇප්ලයි කරන්න ඇතිද.මම හිතන්නේ ඒ ඇප්ලිකේෂන් එක වැඩ නැද්ද කොහෙද?
හරියන්නේ නෑනේ.එතකොට තමා දැක්කේ නීති ගොඩේ තියනවා මොකක් හරි පුරස්නයක් නම්
admin{at}sinhalablogger{dot}com  එකට ලියන්න කියලා.
යැවුවේ එක මේල් එකයි.මමත් දැන් සින්ඩියේ.




දැන් ඉතින් මෙච්චර වෙලා මමනේ කියෙව්වේ.දැන් ඔයාලත් මොනවා හරි කියලා යන්නකෝ අඩුගානේ බැනල ගියත් කමක් නෑ.බය වෙන්න එපා අර කලින් පෝසට් එකේ වගේ ස්ක්‍රීන් ෂොට්ස් දාන්නේ නෑ.

Thursday, June 28, 2012

බ්ලොග් අවකාශයේ කාර්ඩ් බෝර්ඩ් වීරයෝ.....

ඇත්තටම මෙහෙම කියන්න හිතුනේ ඇයි කියලා කට්ටිය දන්නේ නැතිව ඇති තාම නේද.ඇත්තට ම මේ බ්ලොග් ලියන එක කලාවක් මේ කලාව ඇතුලේ නමක් හදාගත්ත ඇත්තටම පොරවල් ඉන්නවා නේද ඔයගොල්ලොත් ඒක හොඳට ම දන්නවා ඇති නේ.ඇත්තටම නමක් හදාගත්ත අයත් ඉන්නවා බොරු කාර්ඩ් බෝර්ඩ් වීරයොත් ඉන්නවා.ඒක ඉතින් මම කියලා දෙන්න ඕනේ නෑනේ 


ඔන්න ඉතින් මම නම් මේ බ්ලොග් අවකාශයේ පොරක් නම් නෙමේ.ඇත්තටම මම කෝඩු කාරයෙක් කීවොත් නිවැරදියි.මම නේ දන්නේ එක එක ඒවා අන්තර්ජංජාලයෙන් ඉගෙන ගන්න කන කට්ට.එක අනෙක් අයට කියල දෙන්න හදන විදිහ.හැබැයි පුතෝ මොනවත් මම හදපු ඒවනම් නෙමේ.සමහර අය නිකන් ඒ ගොල්ලෝ මේ සොෆ්ට්වෙයාර් එහෙම හැදුවා වගේ රගනවා.මම කියන්නද උදාහරණෙකුත් අර slt ඩිරෙක්ටරිය එහෙම රිවර්ස් කරන එක අපේ එක අයිය කෙනේක් මහා ලොකුවටම දාලා තියනවා.මම කියන්න ඕනේ නෑනේ කට්ටිය දන්නවත් ඇතිනේ නේ.ලොකුවට බිස්නස් එහෙම කරන එක්කේනෙක්.


මට නම් කමක් නෑ ලොකුවට නෙවේ බිල් ගේට්ස් වගේ බිස්නස් කරන් හිටියත්.ඒත් පොර ටෝක් දෙද්දි නිකන් ගොන්පාට් වගේ තේරුනාම ඉතින් හිතෙනවානේ මොනවා හරි කියන්නත්.


මේක මට වෙච්ච සිද්දියක්.ඔන්න ඔහොම DVD විකුනන පොරක් FB එකේ පොර ටෝකකුත් එක්ක පොරගේ ස්ටේටස් එකක් දාලා තිබුනා.මම ත් ඉතින් ඉන්න බැරැවට දැම්ම කමෙන්ට් එකක් පොර ටෝක් වැඩි කියලා.හවස් වෙනකන් මොකුත් අවුලක් නෑ.මෙන් න බොලේ 6ට විතර 


පහලින් දාන්නම්කෝ ෆොටෝ ක්ලික් කරලම බලන්න
මටනම් බැන්නත් කමක් නෑ.ඒත් අපි කරන දේවල් වලට අපේ අම්මලා තාත්තලා පලිද
පොඩ්ඩක් හිතලා බලන්න.





කට්ටිය බලලා විතරක් යන්න එපා මොනවා හරි කියලා යන්න.

Monday, June 25, 2012

මිනියෙන් සිංහල බලා සැනසෙමු......................

ඔන්න එහෙනම් කට්ටියට ආයුබෝවන් කීවා.ටික කාලෙකින් තමා කට්ටිය හම්බෙන්න උනේ.හේතුවක් නැතිවම නෙවේ ඒකට.දවස් 4ක් විතරම බඩ පොඩ්ඩක් අවුල් ගිහින් යනවා යනවා ඉවරයක් නෑ හරිම ජරමරේ ඒක හින්දා :P මොනවා කියලා කරන්නද ඉතින් 




අර මගේ කලින් පෝස්ට් එකේ කිවත් වගේ අපි තාමත් ගෙදර නන් ඇකඩමික් උන් තාම වර්ජනේ නතර කරන්නේ නෑ වගේ.නිකමට වගේ පේරා පැත්තෙත් පොඩි රවුමක් දාලා ආවා.නොදැක ඉන්නත් බෑනේ ඉතින :P මම කීවෙ මේ පේරා ගැන




ඒක නෙමේ ඒකෙන් මේකෙන් කියන්න යන දේත් අමතක වෙනවා.මම කියන්න ලෑස්ති වෙන්නේ අද පොඩි දෙයක් කියන්නයි.Opera Mini කියන වටිනා කියන මොබයිල් එකෙන් නෙට් යන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ල අද කාලේ නොදන්න එකෙක් නැති තරම් නේ.ඒ තරමට ඒක ජනප්‍රියයි.GPRS වල ඉදන් ඔය මම දන්නේ නැති ලොකු ලොකු නෙට්වර්ක් තියන ජංගම දුරකතන වල පාවිච්චි කරන්නේ ඕක තමා.


මේක සුපිරි තමා හැබැයි මේකෙ සිංහල වැඩ කරන්නේ නෑ.ෆේස් බුක්ද මොකක්ද අර පරසිද්ද සයිට් එකක් තියෙන්නේ ඕකේ එහෙම අර සිංහලෙන් ගහන ඒවා ඕකෙන් බලන්න බෑ.අපිනම් යයි ඕවට :P


අන්න ඒ සිංහල අකුරු පේන්න හදාගන්නේ කොහොමද කියලා තමා අද මම කියන්නේ 


මුලින්ම එහෙනම් ඕපන් කරගන්නකෝ ඔපෙරා මිනිය
ඊට පස්සේ ඒකෙ තියන ඇඩ්‍රස් බාර් එකේ මෙන්න මෙහෙම ගහන්න ඇඩ්‍රස් බාර් එක රතු පාටින් පෙන්නලා ඇති.



ඊට පස්සේ ඉතින් පහලටම යන්න ගියාපුහාම පහල රූපෙ පෙන්නලා තියනවා වගේ එකක් ඇති.


දැන් අලි.මේකෙන් පස්සේ ඔයාල ට කරන්න තියෙන්නේ මේක සේව් කරන එක විතරයි.







ඔන්න එහෙනම් දැන් වැඩේ ගොඩ සමහර අකුරු අවුල් තියනවා ගනන් ගන්න එපා ඒක මොකද උන්නු හැටියට මලා මදෑ කීවලු 


තව එකක් මේක කරන්නනම් අනිවාර්යෙන්ම ෆෝන් එකේ සල්ලි තියෙන්න ඕනෙ ඒකත් මතක තියාගන්න


කියවලා දෙයක් ගත්තනම් ඒක කාට හරි නොදන්න එකෙක්ට කියලාදෙන්න
පුලුවන්නම් කමෙන්ටුවක් දාලා යන්න















Sunday, June 17, 2012

මම ලියූ කවියක් හොඳද බලන්න..................
























නුඹට.............
හන්තාන අඩවියේ
මට වඩා
 නුඹේ පා ගැටිලා තිබුනාට
රාත්‍රියට ගලන සඳ එලිය
මට වඩා 
නුඔට දැනිලා තිබුනා ට
ඈත ක්ෂිතිජයට
මට වඩා
නුඹේ ඇස්
හුරුවෙලා තිබුනා ට
දිගු කාලෙකට
නුඔට
තනිකම උරුම උනාට
මගේ හිතේ පිරිලා තිබිච්ච
ලෙන්ගතුකම
වැඩිවෙලා මිසක්
අඩුවෙලා නෑ………..


මම ලියපු කොල කෑල්ලත් මම පහලින් දාන්නම්කෝ











































මේක මගේම අත්දැකීමක් එච්චරයි මම කියන්නේ කියවන ඔයාලට පුලුවනි කැමති විදිහකට රසවිඳින්න.පින්තූරෙකුත් එක් කරේ කොහෙද කියලා හිතාගන්න  
කැමතිනම්  ෙකාමෙන්ටුවකුත් එක්කරලා යන්න ඒක මට ලොකු හයියක්!

Thursday, June 14, 2012

තැටි පුච්චන්න හොඳම බඩ්ඩක්!

ඹන්න ඉතින් මම ටිකක් කාලෙකින් ආරංචියක් අරගෙන ආව.මොකද ඉතින් දැන් වැඩක් කියල එකක් තියනවා ඇයි ගෙදරට වෙලා කකා බි බී මැසිම දිහාම ඇස් පිල්ලන් නොගහ බලා ඉන්නව ඇරෙන්න  :පී අම්මල ඉතින් කන්ඩ දෙන හින්දා හොඳා.කැම්පස් කවදා පටන් ගනීද කියලත් කියන්න බෑනේ!



ඒකෙන් මේකෙන් අපේ යාලුවෝ හිතනවා ඇති මොකක්ද මේ මාතෘකාව කියලා.කට්ටියම Nero ගැන දන්නව ඇතිනේ.CD\DVD\BLUE RAY උනත් මේ Nero වලින් රයිට් කරන්න පුලුවන් කියලා.හැබැයි ඉතින් මේක ලංකාවනේ හැමෝටම Core i7 Core i5 වගේ මැසින්,ලැප් නැතිව ඇතිනේ.මටත් කියලා තියෙන්නේ Duel Core පරණ කසි කබල් යන්තරේ විතරනේ.ඕකට ඉතින් ඔය Nero අලුත් වර්ශන් එක එහෙම දාලා CD එකක් රයිට් කරන්න මාසයක් බලන් ඉන්න වේවි.


ඒකට මම දෙන්නම් මරු බඩ්ඩක් 


මේකට කියන්නේ Burnaware කියලා මේක 4-5Mb පොඩි ටූල් එකක් වැඩියේ රැම් එක ගන්නේත් නෑ.අනෙක ගොඩක් පහසුකම් තියන වර්ශන් එකක් දෙන්නේ free.හොදා නේ ද ?
කිසි අවුලක් නෑ මමත් සෑහෙන කල් ඉඳන් පාවිච්චි කරන්නේ මේක
image write කරන්න blue ray write කරන්න වගේ පහසුකම් ඔක්කොමත් තියනවා!


 

මෙතනින් අලුත්ම වර්ශන් එක බාගන්න

සයිට් එක
http://www.burnaware.com/ 



  • Features
    ·         
     Burn, backup or copy your files to CD, DVD or Blu-ray Discs.
     
    Supports recording from command-line and BAT scripts for automating 
    routine actions.
     
    Supports CD-R/RW, DVD-R/RW, DVD+R/RW, BD-R/RE and DVD-RAM media, 
    including high-capacity double-layer media.
     
    Supports UDF (Universal Disc Format 1.02-2.60), Bridge and ISO9660 (Level1-3, Romeo), including Joliet Unicode extensions.
    ·          
    Create Bootable CD or DVD. 

    Use it as a very big floppy boot disc for recovery purposes. 
    El Toritocreation 
    support with advanced options: emulation type, sectors, platform, load 
    segment and boot message.
    ·        
     Append or update Multisession discs.
    ·          
    Create Audio CDs. Play a CD on your traditional CD player or car stereo.
     
    Supports MP3, WAV, WMA, OGG, M4A, AAC and FLAC audio formats and M3U 
    playlists.
     
    Supports title and track CD-Text, including Unicode.
    ·         
     Create DVD-Video discs and MP3 CDs/DVDs.
    ·          
    Make and burn standard or boot disc images.
     
    Supports ISO and CUE/BIN image files.
     
    Supports UDF (Universal Disc Format 1.02-2.60), Bridge and ISO9660 (Level 
    1-3, Romeo), including Joliet Unicode extensions.
    ·          
    Copy disc to ISO image. This feature can be used for disc backup, as well 
    as for disc copying.
    ·          
    Erase re-writable CD, DVD or Blu-ray discs.


    Key Benefits
    ·         On-the-fly burning
    ·         Small installation size
    ·         Easiest-to-use, multilingual user interface
    ·         Lowest CPU usage while burning and copying
    ·         Supports all types of optical drives and discs
    ·         Uses the most fastest and stable burning engine
    ·         Supports all major audio and disc image formats
    ·         No banners, adware, spyware


කැමතිනම් මම free නොවන වර්ශන් වලත් torrent ලින්ක් දාන්නම් crack කරපුවා හැබැයි පුතෝ ටෙස්ට් කරලා බැලුවෙනම් නෑ

 Burnaware professional torrent

එහෙනම් කියවලා යමක් ගත්තා කියලා හිතෙනවනම් කමෙන්ට් එකක් වත් දාලා යන්න නිකම්ම යන්නෙ නැතිව!