සෑහෙන කාලෙකින්
නැවතුනේ මම ඔබ ලඟ
ඇත්තටම කිව්වොත්
ඇස් දෙක ළඟ........
ඇස් දෙකට
ඇස් දෙක හමුවුනාමනම්
මේච්චර කාලෙකට
මගේ හිතෙන් පිටවෙච්ච
ගිනි අඟුරු නිවිලා ගියා
වගේ දැනුනා......
ඒ ඇස් වල එච්චර ආදරයක්....
තවමත් මම ඒ ආදරේ
විඳිනවද මන්දා....
ඒ ආදරේ පිරිච්ච ඇස්....
මම මගේ හැම සිතිවිල්ලකම
හොයනවා වගේ....
ඒත්....
ආවා වගේ
යන්නත් එපැයි නේ.....
දුකින් පිරුණු මූණ
හඳ වලාකුළකින් වැහුනා වගේ
"අපි අය කවදද හම්බෙන්නේ"?
මම හෙමින් මිමිණුවා...............
මේක ටිකක් කාලෙකට කලින් ලියපු එකක්.මූණු පොතට දැම්මා ඒත් බොලොක් එකේ පල කොරන්න බැරිඋනා.හොඳයි කියලා හිතෙනවානම් මොනා හරි කියලම යන්න.ඒක මට ලොකු හයියක්.........
ලස්සනයි යාලු..:)
ReplyDeleteතැන්කු තැන්කු!
Deleteආදර හැඟීමක් ලස්සනට ලියලා...සුබ පැතුම්..
ReplyDeleteතැන්කු තැන්කු ආවට මේ පැත්තේ මමත් සෙට් වෙන්නම් බ්ලොග් එකට
Deleteහැඟීම්බර ආදරයක් පද වලට පෙරළුනාම කොයිතරම් නම් ලස්සනද
ReplyDeleteඅපෝ එච්චර හැඟීමබරමත් නෑ හී හී
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔන්න මග පෙන්වීම හරහා මමත් ආවා බලල යන්න...ඉබ්බාට දැනුනු හැඟීම මටත් ආදරය කරන කාලෙදි දැනිල තියනවා" ඉතින් ආයෙ කවද්ද හම්බෙන්නෙ"? මමත් අහල තියනව
ReplyDeleteහ්ම්ම්ම් ...ඒක තමා ආදරය කරන කාලෙදි කියන්නේ ඇයි....
Deleteනි
ReplyDeleteය
ම
යි... ඉබ්බෝ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බොහොම තුති ආවට ඒ පැත්තේ එන්නම්...........
Delete