පිටු

Showing posts with label TRICS. Show all posts
Showing posts with label TRICS. Show all posts

Monday, June 25, 2012

මිනියෙන් සිංහල බලා සැනසෙමු......................

ඔන්න එහෙනම් කට්ටියට ආයුබෝවන් කීවා.ටික කාලෙකින් තමා කට්ටිය හම්බෙන්න උනේ.හේතුවක් නැතිවම නෙවේ ඒකට.දවස් 4ක් විතරම බඩ පොඩ්ඩක් අවුල් ගිහින් යනවා යනවා ඉවරයක් නෑ හරිම ජරමරේ ඒක හින්දා :P මොනවා කියලා කරන්නද ඉතින් 




අර මගේ කලින් පෝස්ට් එකේ කිවත් වගේ අපි තාමත් ගෙදර නන් ඇකඩමික් උන් තාම වර්ජනේ නතර කරන්නේ නෑ වගේ.නිකමට වගේ පේරා පැත්තෙත් පොඩි රවුමක් දාලා ආවා.නොදැක ඉන්නත් බෑනේ ඉතින :P මම කීවෙ මේ පේරා ගැන




ඒක නෙමේ ඒකෙන් මේකෙන් කියන්න යන දේත් අමතක වෙනවා.මම කියන්න ලෑස්ති වෙන්නේ අද පොඩි දෙයක් කියන්නයි.Opera Mini කියන වටිනා කියන මොබයිල් එකෙන් නෙට් යන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ල අද කාලේ නොදන්න එකෙක් නැති තරම් නේ.ඒ තරමට ඒක ජනප්‍රියයි.GPRS වල ඉදන් ඔය මම දන්නේ නැති ලොකු ලොකු නෙට්වර්ක් තියන ජංගම දුරකතන වල පාවිච්චි කරන්නේ ඕක තමා.


මේක සුපිරි තමා හැබැයි මේකෙ සිංහල වැඩ කරන්නේ නෑ.ෆේස් බුක්ද මොකක්ද අර පරසිද්ද සයිට් එකක් තියෙන්නේ ඕකේ එහෙම අර සිංහලෙන් ගහන ඒවා ඕකෙන් බලන්න බෑ.අපිනම් යයි ඕවට :P


අන්න ඒ සිංහල අකුරු පේන්න හදාගන්නේ කොහොමද කියලා තමා අද මම කියන්නේ 


මුලින්ම එහෙනම් ඕපන් කරගන්නකෝ ඔපෙරා මිනිය
ඊට පස්සේ ඒකෙ තියන ඇඩ්‍රස් බාර් එකේ මෙන්න මෙහෙම ගහන්න ඇඩ්‍රස් බාර් එක රතු පාටින් පෙන්නලා ඇති.



ඊට පස්සේ ඉතින් පහලටම යන්න ගියාපුහාම පහල රූපෙ පෙන්නලා තියනවා වගේ එකක් ඇති.


දැන් අලි.මේකෙන් පස්සේ ඔයාල ට කරන්න තියෙන්නේ මේක සේව් කරන එක විතරයි.







ඔන්න එහෙනම් දැන් වැඩේ ගොඩ සමහර අකුරු අවුල් තියනවා ගනන් ගන්න එපා ඒක මොකද උන්නු හැටියට මලා මදෑ කීවලු 


තව එකක් මේක කරන්නනම් අනිවාර්යෙන්ම ෆෝන් එකේ සල්ලි තියෙන්න ඕනෙ ඒකත් මතක තියාගන්න


කියවලා දෙයක් ගත්තනම් ඒක කාට හරි නොදන්න එකෙක්ට කියලාදෙන්න
පුලුවන්නම් කමෙන්ටුවක් දාලා යන්න















Saturday, May 26, 2012

කලු වූ වින්ඩෝස් නැවතත් ඇක්ටිවු කරමු!

මම කියන්න යන දේ දැනටමත් දන්න කට්ටියත් ඇති
කමක් නෑ ඒත් මේ නොදන්න අයටයි.











අපි වින්ඩෝස් 7 දාලා වින්ඩෝස් සයිට් එක පැත්තේ ගිහින් පොඩ්ඩක් කරක් ගහලා ඇඩ්ඹන් එකක් දෙකක් බෑවා විතරයි ඩෙස්ක්ටොප් එක කලු වෙලා පැත්තකින් වැටෙන්න ගන්නවා Activate windows now! කියන කරදර කාර එරර් මැසේජ් එක.



පේනවා ඇතිනේ මම හිතන්නේ ගොඩක් අයට මේ අත්දැකීම ඇති.
දැන් ඉතින් කාපන්කො පරිප්පු මේක ආපහු අයින් කරනකම් ඉවසිල්ලක් නෑ නැත්තන් මැසිම ඔන් කරපු ගමනුත්
මේ මැසේජ් එක පෙන්නනවා
එතකොට ඉතින් එපා වෙනවා.ඉස්සරනම් මේක අයින් කරන්න මැසිම ෆෝමැට් කරන්නම වෙනවා ඒත් දැන් එහෙම ඕනේ වෙන්නේ නෑ කරන්න තියේන්නේ පොඩි දෙයයි.

අපි එහෙනම් වැඩේට බහිමු

මුලින්ම මෙතනින් වැට් ෆික්ස් කියන පොඩි ටූල් එක බාගන්නකෝ.ඊට පස්සේ ඒක unzip කරන්න කරලා ඒක  ඕපන් කරපුවාම ඩොස් වින්ඩෝ එකක් ඇවිත් මැසිම වින්ඩෝස් දාපු ගමන් තත්වෙට පත් කරලා දෙයි
මෙන්න මේ වගේ 

දැන් වැඩේ සියයට 90 ක් ඉවරයි.ඊට පස්සේ reboot  කරන්න මැසේජ් එක් එයි එකේන් reboot කරන්න
ඊට පස්සේ මෙන්න මේ ක්‍රැක් එක මෙතනින් බාගන්න.ඒක ඕපන් කරපුවාම මේ වගේ තියෙයි.




මේකේ install බට්න් එක ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න.හරියට වැඩේ වෙලා තිබ්බේ නැත්තම් තව පාරක් ක්‍රැක් කරගන්න.එතකොට වැඩේ හරියටම හරි.

දැන් අර කියපු කලු තිරේ අයින් වෙලා තියෙයි.ඊට පස්සේ ඉතින් අපිට නිදහසේ වෝල්පේපර් එකක් තීම් එකක් එහෙම දාගත්ත හැකි.බලල විතරක් නොයා මොනවා හරි ලියන්න.කියවන ඔයගොල්ලන්ගේ අදහස් මට වටිනවා.