Monday, August 20, 2012
ස්ට්‍රයික්............[කෙටි කතාව]
ටං ටං ටං..................................
මගීන් කරුණාවෙන් සවන්දෙන්න.
මේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයයි.තුන්වන වේදිකාවට දැන් පැමිණි දුම්රිය අනුරාධපුර ඕමන්තේ බලා ධාවනය වේ.
දුම්රිය නවත්වන්නේ අඹේපුස්ස,අලවුව,පොල්ගහවෙල.
පොල්ගහවෙල සිට අනුරාධපුර ඕමන්තේ දක්වා ඇති සියළුම දුම්රිය ස්ථාන වල නවත්තනවා ඇති..
ටං......ටං........ටං................................
' යකඩ කටේ කන්දොස්කිරියාව දැන් ඉතින් ගෙදර යනකන් විනාඩි පහෙන් පහට අහන්න එපැයි '
මට එහෙම හිතුනා...
"අද අදිනවා ජයෝදා,ගොවිසෙත,ජනජය, වාසනාව අද අදිනවා අද".....
' ඒත් එක්කම ස්විප් ටිකට් විකුනන ගෑනු මනුස්සයෙක් කෝච්චියට ගොඩවුනා '
' කොන්ඩේ ටිකක් පැහිලා..එක අතකින් ඉටි බෑග් එකක් එල්ලගෙන.අනෙක් අතේ ටිකට් මිටියක් '
'මගේ හිත ක්ෂණයෙන් ගෙදරට දිවුවා.'
'අම්මා දැන් අනුරාධපුරේ ඉස්පිරිතාලේ ඉස්සරහා කෑගගහ ඉඳිආප්ප,පිට්ටු විකුනනවා ඇති....උදේම නැගිටලා හදලා බස් එකේ තනියම අරන් ගිහින්..මාර ගහ ඉස්සරහ.ගිනි රස්නෙට පිච්චි පිච්චි'....
'මගේ ඇස් දෙකට කඳුලු පිරුණා.'
'මම දැන් ගෙදර ගියත් ගෙදරට බර වැඩියි.මල්ලිත් ඉන්නවනේ.මල්ලි මම එනවා කියපු හින්දා සතුටින් ඇති.මිනිහ මේ පාර විභාගෙත් හොඳට ගොඩදාගන්න ඇති.'
'ඒත් ඉතින් වැඩක් තියනවා ඇයි අර ඒ තුන තියන උන්ටත් කෙල වෙලා තියෙන්නේ'.
'උන්ටත් කැම්පස් යන්න බැරිවෙලා තියෙන්නේ'
'දැන් විභාග පාස් උනත් වැඩක් නෑ.සල්ලි තියන උන්ට විතරයි ඉගනගන්න පුලුවන්.මට එහෙම හිතුනා.'
'අපිටනම් දෙයියන්ගේ පිහිටෙන් කැම්පස් යන්න පුලුවන් උනා'..
'ගෙදර ගියාම නම් ජොබ් එකකටවත් යන්න වෙයි.අම්මත් දැන් හොඳටම වයසයි.අම්මට ඔය රස්සාව දිගටම කරන්නත් බෑනේ...මේ ස්ට්‍රයික් එකත් දිගටම ඇදෙයි වගේ'....
"ද..ඩ.ස්...බ..ඩ..ස්"...........
'කෝච්චිය අද්දන සද්දෙන් මම පියවි සිහියට ආවා'.............................
Tuesday, August 14, 2012
දෙදහස් දොලහේ යුද නැව උනුපිට බාන්න.......
සෑහෙන ම කාලයක් ගතවුනා පෝසට් එකක් නොදා.හිත හිත ලියන්න දේවලුත් නෑනේ අනික කවියක් වත් හිතට ආවේ නෑ සෑහෙන කාලෙකින් ටික දවසකට කලින් ලියපු එකක්නම් මූණු පොතේ දැම්මා ඒත් ඒක බොලොග් එකට දාන්න කම්මැලි හිතුනා.ඇයි මේ දවස් වල සෑහෙන කම්මැලි කමේනේ ගෙදරට වෙලා ඉන්නේ ආචාර්ය ගොල්ලන්ගේ අරගලේ නිසා.ඒක ගැනත් මම පස්සේ මොනවා හරි දාන්න හිතන් ඉන්නවා.....
මූණු පොතේ තිබිච්ච එකක් එහෙම ගෙඩිය පිටින්ම මේකේ දාලා ආපහු අයින් කරා.ආචාර්ය ගොල්ලන්ගේ අරගලේ ගැන තිබුනු ලිපියක්.ඒකේ අකුරු පොඩි වැඩි නිසා.ඒවා ඉබි නොව අබ සයිස් කියලා එහෙමත් දාලා තිබුනු නිසා මම එක අයින් කරා.මම මේ ගොල්ලන්ගෙන් ඒකට මුලින්ම සමාව ඉල්ලනවා.දැන් ඇති නේ ද කතාව පී:
මම අද දෙන්න යන්නේ හොඳ බයිස්කෝප්පයක් Battleship කියලා ආවේ මේ ලඟදි කට්ටිය නොදන්නේ නැතියයි කියලා මම හිතනවා.මේක ටිකක් කොලිටි කොපියක්.ඉංගිරීසි සබ් එහෙමත් තියනවා.මම පහලින් ස්කිරීන් සොට් ටිකකුත් දාන්නම්කො බලාගන්න.හැබැයි ඕකේ 720p මොන p ද කියලනම් මම දන්නේ නෑ.නමේ එකේ එහෙම ගැහුවට.හැබැයි සෑහෙන කොලිටි එකක් තියනවා කියලනම් දන්නවා.අනික මම බයිස්කෝප්පේ බැලුවෙනම් නෑ.උඩින් පල්ලෙන් ටික් ටික් මෙතඩ් එකෙන් නම් බැලුවා.හොඳය කියලා හිතුන නිසා ඔයගොල්ලන්ටත් දෙනවා.
මෙතනින් ටොරන්ට් එක ගන්න හැබැයි පැයක් වත් සීඩ් කරන්න මොකද පලවෙනියට අප්ලෝඩ් කරන්නේ මම.
ඩිරෙක්ට් ලින්ක් එක මෙතනින් ගන්න.ක්ලික් නොකර රයිට් ක්ලික් එකෙන් යූ ආර් එල් එක ඩවුන්ලෝඩ් මැනේජරයගේ පේස්ට් කරන්න
තව දෙයක් කියන්න තියනවා මම මේක ඩිරෙක්ට් බෑවේ මේ සයිට් එකෙන් මේකේ එක ලින්ක් එකෙන් ඩිරෙක්ට් බෑවැහැකි.සෑහෙන්න බයිස්කෝප්ප තියනවා.කොලිටියත් හොඳා.
මේ තියෙන්නේ ස්කිරීන් සොට් ටික
Subscribe to:
Posts (Atom)


