පිටු

Monday, October 1, 2012

නයි ටී එන් සහ කුරුලු නාලිකාව........





සරසවි ඇඳුරන්,සරසවි ශිෂ්‍යයන්,ප්‍රසිද්ධ දේශපාලන පක්ෂ,කලාකරුවන් දැන් පාරට බැස තිබේ.මම දන්න තරමින් සරසවි ඇඳුරන් පාරට බැස පාගමන් යන්නේ ප්‍රථම වතාවටයි.ඔවුන් ඉල්ලන්නේ ශ්‍රී ලංකාවේ දළ දේශීය ආදායමෙන් 6% ක් අධ්‍යාපනය සඳහා වෙන් කරන්න යන්නයි.එය ඔවුන්ගේ දරුවන්ට මෙන්ම ගමේ ගොඩේ පාසල් යන කුඩා දරුවන්ටත් නූපන් දරුවන්ටත් එකසේ වැදගත්ය.

නමුත් එය මහින්ද ගේ බේබිලාටවත්,විමලේ ගේ බේබිලාටවත්,සිල්වා උන්නැහේගේ බේබිටවත් කිසිම මැටි ඇමැටි බේබියෙකුටවත් වැදගත් නැත.එක්කෝ උන් ඉන්නේ ස්විසර්ලන්තයේය.නැත්නම් හමුදා මේජර්වරුන් තමාටම පහරදෙන දෙස අනුකම්පාවෙන් බලා සිට ඊලඟ සතියේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා පිටත්වී යයි.

නමුත් ගමේ ජනයා බනින්නේ ඇඳුරන්ටම ය.උන්ගේ ලොකු පඩිය වැඩිය..සිසු ජීවිත විනාස වෙනවාය...කැම්පස් වහාලාය...මේවා නම් ජන කතාය....මෙම ජනයා ජනකතා ගොතන්නේ නයිටී ඇන් කියන වේස ගෑනි සහ කුරුලු නාලිකා වේස ගෑනු දෙන්නාය...මුන් දෙන්නා නාන්න යන විට මහින්ද අබේසුන්දරයන්ද මේ ගෑනුන්ගේ පිට ඇතිල්ලීමට යයි...

මේ ගෑනූ කියන්නේ ම කලිනුත් අධ්‍යාපනයට 6 % ක් වෙන් කර තිබූ බවකි...මෙය මැක්කාගේ කතාවට සම කතාවකි...කලාතුරකින් අපි හිතමු ලංකාවේ පාසලකට ඇමැටි බේබියෙක් යනවා කියලා ,එවිට නයි ටී ඇන් කියන පරිදි අදාල ඇමැටි පියා ගසාකන කොටසද අධ්‍යාපනයට වියදම් කර ඇත....මේවා ඇසීම අධෝමුඛයෙන් ද කොක් හඬ ලා සිනාසීමට කාරනා ය.මේවා රස කර කර කියන උන්ගේ වැරැද්දක් නැත...වැරැද්ද ඇත්තේ උන්ගේ අම්මලාගේ තාත්තලාගේ ය.....

අපේ එකෙක් කියන පරිදි ඕකුන් හැදුවට වඩා හොඳයි සරමේ පිහදාගත්තානම් කතාව කිව යුත්තේ මුන්ටය....ඇත්තටම කිවහොත් මෙම නාලිකා වල වැඩ කරන මුදල් වලට ආත්මය පාවා දෙන උන්ගේ දරුවෝ ද නිදහස් අධ්‍යාපන් ඵල ලාභීහු වෙති....මුදල් වලට මෙච්චරම තමන්ගේ ආත්මය පාවා දෙන්නේ කිමදැයි උන්ගෙන්ම ඇසිය යුතුය....

මේක ලියලා ඉවර වෙලා මට හිතුනා පිටපත මහින්ද අබේසුන්දරගේ පියා[හොර] කියල දාන්නත් ඒත් මොකටද නේද....


Tuesday, September 11, 2012

මට සමාවෙයන් මල්ලි................ [කෙටි කතාව]





"මොකද්ද මේ කන කඩාගෙන යන සද්දේ "

ෆෝන් එකේ එලාර්ම් එක මහ හඬින් කෑ ගහන සද්දෙන් සුව නින්ද බිඳ වැටුනා....

ඇඳේ ඉඳගෙනම මම ෆෝන් එක අතට ගත්තා...

"අප්පට සිරි 6.25 යි නේද"

"ගෙදරට කීවෙත් නෑ තවම අද කොළඹ යන්න ඕනේ කියලා.පිකට් එකේ කතාව කියලා යන්න දෙන්නැතිවෙයිද දන්නේ නෑ"

ලහි ලහියෙම උණු කිරි කෝප්පෙට තියන ආසාව අතෑරලා අප්පච්චි ලඟට සේන්දු උනා..‍අයියත් හෝ ගාලා ලෑස්ති වෙනවා..පොරට වැඩට යන්න පරක්කු වෙලාද කොහෙද..

"අප්පච්චි".....
"අද මම කොළඹ යන්නද"?
"යාලුවෝ වගයක් එනවා කීවා කැම්පස් වහලත් නිසා, පොඩි රවුමක් දාලා එන්නම්",....

අප්පච්චිට කට අරින්න උනේ නෑ..අයියා එක පාරටම කඩා පැන්නා..

"නෑ උඹ කොහෙවත් යන්නේ නෑ..උඹ යන්න යන්නේ අද කොළඹ තියන පිකට් එකට නේද..අද ඕකට ගහන්න කියලා අපිට ඉහලින් ඕඩර් එකක් ඇවිත් තියෙන්නේ,අනිවාර්යෙන් ගහනවා" අනිවාර්යෙන් ගහන්න වෙනවා,නැත්තම් අපිත් ගස්"...
"යන්න දෙන්න එපා තාත්තේ මූට"...

වැඩේ ගැස්සුනා අයියා හින්දා...

"කමක් නෑ එහෙනම් ඉන්නම්".....මම කිවුවා..

අප්පච්චි නම් මොනවත් කිවේ නෑ..යනවනම් පලයන් වගේ හිටියා...

අයියා ඉක්මනටම පිටත් උනා..අප්පච්චිත් බයික් එකේ වත්ත පැත්තට පිටත් උනා...

ඔන්න ඔය අතරේ අම්මට බටර් පාරක් දාලා මම කොළඹ යන්න පිටත් උනා...

...................................................................................................................................................................

පැය තුනහමාරක ගමනකින් පස්සේ කෝච්චිය කොටුව ස්ටේෂන් එකට සේනුදු උනා..
එන යන කෝච්චි වල සද්දෙ මැඩගෙන පාර දිහායින් කෑකෝ ගහන සද්දයක් උස් හඬින් මතුඋනා..
එලියට එද්දි පිකට් එක පටන් ගන්නවා..ඒ මදිවට මොර සූරන වැස්සකුත් කඩාන වැටෙන්න ගත්තා..

"විශ්ව විද්‍යාල වහා විවෘත කරනු"...
"දල දේශීය නිශ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරනු" 


කියන විශාල බැනර් එක මැද්දෙන් මමත් සෙනඟ අතරට එකතු උනා...

පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට බස් නැවතුම් පල දෙසට සටන් පාඨ කියමින් ගමන් ගත් පෙලපාලිය නැවතත් කොටුව දුම්රිය ස්ථානය දෙසට ඇදුනා..

අප ඉදිරියෙන් යුධ ටැංකියකට සම වතුර විදින ට්‍රක් රථයද යකඩ වැටට පිටුපසින් කැරලි මර්ධන ඒකකයද සිටුවා සිටියා..

"අයියත් ඔතන පිටිපස්සේ ඇති මට හිතෙන්නේ..මූ අද කොළඹ එන්න ඇත්තෙ ඒකයි...එහෙනම් අද අයියලා අපිට ගහයි.."

හිත හිත ඉන්න ඉඩ ලැබුනේ නෑ..ඉදිරිපසින් වතුර විදිනවාත් සමඟම කඳුලු ගෑස් ටින් අප දෙසට පතිත උනා..
සෙනඟ සී සීකඩ දිවගියා...

ටික වෙලාවකින් එකා දෙන්නා නැවතත් බැරියර් ආසන්නයට එකතු උනා..අන්තරේ කැඳවුම්කරැ ඹල්වරසන් මැද යකඩ වැට මතට නැඟුනා..

ඔය අතරේ මගේ ෆෝන් වයිබ්‍රේට් වෙනවා A Aiya ලොකුවට ඩිස්ප්ලේ එකේ..මම එහෙමම ෆෝන් එක සාක්කුවට දාගත්තා...අයියා..දැක්කද දන්නෙත් නෑ..පේන්න විදිහක් නම් නෑ...දැක්කත් මොකද...
මට හිතුනා

පොලිස් නිළධාරීන් ද සාවදානව කතාවට සවන් දුන්නා...
සියලු දෙනාගේ කතා වලින් පස්සේ..අපි සියලු දෙනා නිවාස බලා පිටත් උනා..

ස්ටේශන් එකෙන් බහිද්දි මාව ගෙදරට එක්ක යන්න අයියා ඇවිත් හිටියා..පොලිස් යුනිෆෝම් එක පිටින්ම..

"මූ කලින් එන්න ඇති එහෙනම්"..

මම බයික් එකට නැංගා..

ගෙදර යනකම් අපි අතරේ කිසිම කතාවක් උනේ නෑ..................

ගෙදරට ගොඩවෙද්දි..අයියා මාව තදින් බදාගත්තා...ඇස්වල කඳුලු...

මට සමාවෙයන් මල්ලි...මගේ යදමින් බැඳගත්ත ආත්මයට සමාවෙයන්..!!

අයියා හිමින් මිමිනුවා...