පිටු

Saturday, July 21, 2012

ආදරණීය මගේම නංගීට...............

මේ ලියුම මුල සිට අගටත් අග සිට මුලටත් කියවන්න.කියවලා රස විඳින්න.දෙයක් තියනවනම් ඒක ගන්න.මොනවා හරි දෙයක් හිතෙනවනම් ඒක කියලා යන්න.
මේක ඇත්තටම ලීවෙනම් මම නෙවේ.මගේ යාලුවෙක්.නමින් කීවොත් කවිඳු චතුරංග.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍යය පීඨයේ පළමුවන වසරේ ඉන්නේ.
මේකේ තියෙන්නේ එයාගේ අත්දැකීම් වෙන්න ඇති.මගේ ජීවිතේටත් මේ ලියුමේ තියන දේවල් අදාල වෙනවා .ඒ කියන්නේ මේකේ මගේ අත්දැකීමුත් තියනවා.
මේ වගේ දෙයක් ඔය ගොල්ලන්ටත් බලන්න ඕනේ නිසා මම මේ ලිපිය මගේ බ්ලොග් එකේ පලකරනවා.
ඉස්සරහටත් මේ යාලුවගේ නිර්මාණ මගේ බ්ලොග් එකේ බලාගන්න පුලුවන් වෙයි.හම්......දැන් කතා ඇති කියවලාම බලන්නකො.......


ආදරනීය නංගී වෙතටයි ,
                                              දෙමව්පියන් පවසන ඇත්ත හා ඇත්තට ම ඇත්ත 
       මේ ලිපිය ලියන්න කලින් මං ගොඩාක් කල්පනා කලා , මං ඇයි මේක ලියන්නේ කියල..ඒ වගේ ම මේක ම්ං ලියන්න ම ඔනෙ ද කියලා.අන්තිමට මං තීරනයකට ආවා.මේ තමයි මේ හැම දෙයක් ම ඔයාට කියන්න තියෙන හොඳම කාලය සහ වෙලාව කියලා.ඒ නිසා මේකෙ තියෙන දේ හරියට ම තේරුම් ගන්න උත්සහ කරන්න.මොකද මං දන්නවා මේ දවස් වල ඔයා ඉන්නෙත් මං ඒ කාලෙ හිටිය වගේ ම පීඩනයකින් කියලා.මොකද ඔයා ලියන කියන දේවල් වලින් මට ගොඩාක් ඒක දැනිලා තියෙනවා.
                                                       මේ හැම දෙයක්ම මගේ ම අත්දැකීම් කියල හිතුවත් වරදක් නෑ.මුලින් ම මං එක දෙයක් කියන්නම්.මේ කියන දෙයින් ඔයාගේ ඔලුවේ සංවාදයක් ගොඩනැගේවි.මං කියන දේට විරුද්ද මතයක් ගොඩනැගේවි.එත් කමක් නෑ , මං ඉල්ලන්නේ මෙ ලිපිය ගොඩාක් ඉවසීමෙන් කියවන්න කියලා.ඇත්ත ම කිව්වොත් ගොඩාක් වෙලාවට අම්මා තාත්තා කියන දේවල් සහ ඇත්ත ම ඇත්ත කියන්නෙ එකම දෙයට ම තමයි.

අම්මා තාත්තා කියන්නේ ඇත්තම ඇත්ත.එයාල තමයි අපි ගැන ඇත්තට ම ආදරෙන් හිතන්නේ.ඒ ආදරේට අයිතිකර ගැනීම් නෑ.මොකද දැනටමත් එයාල අපිව අයිති කරගෙන ඉවරයි.නේ?අපි ඉපදුනේ එයාලට අයිති වෙලා..හැදුනේ වැඩුනේ එයාලට අයිති වෙලා..ඉතින් එයාලට පුලුවනි නිදහස් විදියට අපි ගැන හිතන්න.නිකමට හිතන්න , අපි තවත් කෙනෙකුට ආදරේ කරනවා කියලා..නොකා නොබී...දවස් ගනන් අඬ අඬ...අපි ඒ වෙලාවට අපි ගැන වත් හිතන්නේ නෑ නේද? අපි හිතන්නේ ම අපේ ආදරේ ගැනම නේ? එතකොට අපි ගැන හිතන්නෙ කව්ද ඒ වෙලාවට?අපේ ම ආදරනීය අම්මා හරි තාත්ත හරි නෙමෙයි ද අපිට වතුර උගුරක් වත් බලෙන් හරි පොවන්නේ?
                                                      

මතක් කරන්නද හැමදාමත් අපේ අම්ම කියපු කතාවක්? 'පුතේ ඉස්සෙල්ලා ඉගෙන ගෙන හිටපන්..ඊට පස්සෙ පුලුවන් වෙන ඔනේ දෙයක් ගැන හිතන්න..පස්සෙ පුලුවන් කසාදයක් බැඳ ගන්න..' මේ කතාව මට ගොඩාක් ම ඇහුනේ මන් උසස් පෙල කරන කාලේ.මොකද ඒ කාලෙ මටත් පොඩි පලහිලව්වක් තිබුනා නේ..ඒක අම්මත් එයාගේ සැටර්ලයිට් එකෙන් හොයාගෙන තිබුනා.මොකද අම්මලා ට පුදුම ඉවක් තියෙනවා අපේ හොර අල්ලන්න.ඒක හැම අම්මාට ම පොදුයි මන් හිතන්නේ.අම්මා හැමදාමත් මේ කතාව කිව්වා තමයි..එත් අපිටත් ඒ කාලේ පොඩි නෙමේ ටිකක් ලොකු කැහිල්ලක් තිබුන නේ..ඒ කාලෙ මං නම් හිතුවේ මට මතක විදියට..'අපෝ අම්මල තාත්තල මේ හැම සෙල්ලමක් ම නටන්න ඇති..දෑන් එනව අපිට එපා කියන්න.අපිත් මේවා කලාම මොකෝ වෙන්නේ ඉතින්..'ඔයාට කොහොම හිතෙනවා ද කියල මන් නම් දන්නේ නෑ.ඒත් වැඩි වෙනසක් හිතෙන්න විදියකුත් නෑ ඉතින්..මේ කාලෙ අපිට ජීවිතේ ගෙවන්න , ආදරේ කරන්න ක්‍රම දෙකක් තියෙනවා.මේ දෙකෙන් ඔයා එකක් ‍තෝරගන්න.මොලේටිකක් තියෙනවා නේ?

ඔන්න අංක එක..පරාර්තකාමී ලෙස ජීවිතේ ගෙනයාම..අංක දෙක ආත්මාර්තකාමී ලෙස ජීවිතේ ගෙන යාම...මුලින් ම කියන්න ඔනේ..අම්මා තාත්තා අපිට පෙන්වන්නේ අංක දෙක මාර්ගය..මොකද එයාලා අපිට ආදරෙයි..ඒත් අපිට පේන්නේ ම අංක එක මාර්ගය..ඒ හම දෙයක් ම වෙන්නෙත් අපෙ ශරීරයේ වෙන වෙනස්කම් එක්ක අපිව යොමු කරන්නේ අංක එක වෙතයි.අංක එක ගැන තව දුරටත් කතා කලොත් , ඒක ටිකක් කෙටි මාර්ගයක්..ශෝර්ට් කට් එකක්..කොටින් ම කිව්වොත් ඒක මාර ආතල්..ෆන්..කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි එක්ක යාලු වෙලා..අත් අල්ලගෙන ලෝකෙම තියෙන හීන මව මව රට වටේ ම ඇවිදින්න පුලුවන්.මාර සතුටක් තියෙන්නේ.ක්ලාස් යන්න මාර ආසයි..එක්ස්ට්‍රා ක්ලාස් එකක් දැම්ම ම දවස ම ෆන්..මටත් එහෙම කාලයක් තිබුනා.කොටින්ම කිව්වොත් මං හිටියෙත් එහෙම කාලෙක ම තමයි ඉතින්...කෙටියෙන් ම කිව්වොත් කසාද බඳල වගෙ නෙ ඉතින්.ඒ කාලේ නිතරම ඇහෙන කතා ගොඩායි..එක්සෑම් කාලෙට එහෙම.. 'මේ ඔයා මන් ගැන හිතන එක නවත්තල පාඩම් කරන්න ඔනේ හරිද..අපි දෙන්නා ම උදෙන් ම නැගිටල පාඩම් කරමු නේ?ඔයා මාවත් ඇහැරවන්න හරිද..? 'මාරයි නේ?කොච්චර හොඳ ආදරනීය දෙන්නෙක් ද? නේ? මගුල තමයි ඉතින්.. මේ කියපු විදියට වැඩ කලා නම් අද මං අයිලන්ඩ් ෆස්ට්...එයා සෙකන්ඩ්..කට්ටිය ඉතින් කියන වෙලාවට උදෙන් නැගිටිනවා තමයි..ඒත් පාඩම් කරනවාටත් වඩා කරන්නේ වෙන මගුල් නේ.ඕක තමයි අංක එක..පස්සේ අපි කතා කරමුකෝ මේකේ හොඳ නරක ගැන..

මෙන්න මේක තමයි අංක දෙක..මේක අංක දෙක කිව්වාට මේකේ අංක එක තමයි ඉගෙනීම..දෙකත් ඉගෙනීම..තුනත් ඉගෙනීම..අම්මා හැමදාමත් කිව්වේ වෙන දෙයක් ගැන හිතන්න එපා කියලයි.අඩුම ගානේ ට්‍රිප් එකක් ගියෙත් නෑ ක්ලාස් කට් වෙන නිසා..ඉගෙනගෙන ඉවර වුනා ම කසාදයක් බැඳ ගන්න පුලුවන්..එහෙමයි අම්මා කිව්වේ..එත් එතකොට මට හිතුනෙත් මෙහෙමයි..'ඉගෙන ගෙන ඉවර වුනාම කෙල්ලෙක් හොයා ගන්නේ කොහොමද?ඔක්කොම කෙල්ලෝ සෙට් වෙලා ඉඳියි..මොන මගුලක් ද මේ?එපා වෙන ජීවිතයක් නේ..'අපි දැන් මේ දෙකේ සංසංදනයක් කරලා බලමු..ඇත්ත නැත්ත මොකක්ද කියලා..ආදරේ කියන්නේ ඕනෙ දෙයක් තමයි.එත් ඉගෙන ගැනීමත් එක්ක ආදරේ පටන් ගත්තා කියන්නේ ලොවෙත් ඉගෙනීම කඩාකප්පල් වෙනවාමයි.යන්තම් පාස් වෙන්න පුලුවන්කමක් තිබුන එකෙක් ෆේල් වෙනවාමයි.මෙඩිසින් යන්න හිටපු එකෙක් ඩෙන්ටල් යනවාමයි..ඩෙන්ටල් යන්න පුලුවන් එකෙක් වෙට් යනවාමයි..බොරු නෙමෙයි මේ.එත් හිතට සතු‍ටුයි නෙ?ආදරෙත් එක්ක ජීවිතේ දිනනවා වගේ හැඟීමක් එනවා නේ?

එත් ඇත්ත ම කතාව මේක නේ..අපිට අපේ ආදරෙ වෙනුවෙන් ගොඩාක් දෙවල් කැප කරන්න වෙනවා මේ කාලෙ ආදරේ පටන් ගත්තොත්..මොකද මේ කාලෙ තමෛ අපි ජීවිතෙ වෙනස් කරගන්න කාලෙ..ජීවිතේ හදාගන්න කාලෙ..නිතරම වෙනස් වීම් වෙනවා ඉතින්..මේ වෙනස් වීම් එක්ක ආදරේ ‍රැක ගන්න නම් මාර ගේමක් දෙන්න ම වෙනවා.මොකෝ අපි තාමත් ස්තාවර නෑනේ.ඉතින් තීරන ගන්න කොට ගොඩාක් අමාරුයි.එක්සෑම් එකට ක්ලාස් ‍තෝරන කොට දෙන්නාට එකට යන්න ක්ලාස් තොරන්න වෙනවා.ක්ලාස් යන්නේ බස් එකේද නැත්නම් ට්‍රේන් එකේ ද කියල ‍තෝරනකොට දෙපාරක් හිතන්න වෙනවා..ක්ලාස් යන අවුරුදු දෙක කමක් නේ කියල හිතමුකෝ..එත් ඊට පස්සේ..?විබාගෙන් පස්සේ? මොකෝ කරන්නේ?මීට් වෙන්න විදියක් නෑ.නේ?ගෙදරට වෙලා ඉන්නත් බෑ.ගෙදරින් එහෙන් කරදරේ වෙන කෝර්ස් එකක් කරන්න කියලා.තාත්තා සමහරවිට කෝර්ස් එකක් හොයලත් ගෙනත් දෙනවා..ඒත් යන්න බෑ..අරයට බෑනේ..ඉතින් මං යන්නේ කොහොමද?තමන් කැමති දෙයක් කරන්නේ කොහොමද? මේ හැම දෙයක් ම අපි කරන්නේ ගොඩාක් සතුටින් තමයි..එත් දන්නේම නැතුව අපි අපෙ වටිනා ජීවිත කාලෙ විනාස කරනවා නේ?මේ හැමදේකින් ම වෙන්නේ ඒක නේ.අපෙ ජීවිතේ ගතවෙනවා අපි දන්නේ ම නැතුව.ඇයි මෙහෙම වෙන්නේ?...අහ් ඔන්න එක්සෑම් රිසාල්ට්ස් ආවා..

අප්පටසිරි එයා පාස් මන් ෆේල් නම්?එක්කෝ එයා ෆේල් නම්?කොච්චර නම් දේවල් හිතන්න වෙයි ද?හදිසියේ කවුරු හරි කැම්පස් තේරිලා නම්?මොකෝ වෙන්නේ?හරි අවුල් නේ?හිතමුකෝ දෙන්නම කැම්පස් තෙරිලා කියලා...එත් දෙන්නා තෙරිලා තියෙන්නේ වෙන කැම්පස් දෙකකට නම්?ඒකත් අවුල් නේ?දෙන්නම එකම විදියට විබාගෙ ලියල එකම තැනකට එන්න කොච්චර නම් අඩු අවස්තාවක් ද තියෙන්නේ කියලා තේරුනා නේ?ඉතින් අන්තිමට මොකෝ වෙන්නේ????දෙන්නට ම ජීවිතේ ගොඩාක් දේවල් මගහැරුනු එක විතරයි වෙලා තියෙන්නේ.ජීවිතේ අපිට ගොඩාක් දේවල් මග හැරිලා..තමන් කැමති අනාගත ටාර්ගට් එකත් මට මිස් වෙලා.ඒත් ඒක නෙමෙයි නේ වැදගත් ම දේ..අපි මේ හැම දේම කලේ මොකක් වෙනුවෙන් ද?අපේ ආදරේ වෙනුවෙන් නේ...

අපි හැරිලා බලනකොට අපිට අපේ ආදරෙත් මග හැරිලා.මං අදහස් කලේ නෑ ආදරේ නැත්තට ම නැති වෙලා කියලා..ඒත් අපි ලිං මැඩියෝ වගේ අපේ ම ලෝකෙක ඉඳල හිත හිතා ඉඳපු පූජනීය ආදරේ කෝ?මීට් වෙන්න වෙලාවක් නැති වෙන තරමට ම ඒ ආදරේ තව තවත් පූජනීය වෙලා..කතා කරන්න වත් වෙලාවක් නැති වෙන තරමට ම...අන්තිමට අපි නවතිලා තියෙන්නේ කොතන ද?අපේ ජීවිත , අපිට ඇත්තට ම ආදරේ කරන අපේ අම්මා තාත්තාට වත් ගොඩ ගන්න බැරි වෙන තැනක..නේ? මේකෙ කේදවාචකය තමයි අපි මේ හැමදේ ම කැප කරලා බලාපොරොත්තු වුන අපෙ ආදරේ වත් අන්තිමට අපි ලඟ නැති එක.මෙන්න මේක තමයි ඔයාට මං පෙන්වන අංක එක පාර.
                              
මෙන්න එහෙනම් අංක දෙක..මං අංක එක පාර ගැන ගොඩාක් දෙවල් කියපු නිසා ම මේක ගැන කියන්න දෙයක් නම් නැති තරම්..අම්මා මට පෙන්නපු පාරත් මේකම තමයි.මං මේක ආත්මර්තකාමි මාර්ගයක් ලෙස හඳුන්වපු එකට ඔයාගේ අකමැත්තක් නෑනෙ නේ?අපි ගොඩාක් නිදහස් මෙතනදි..තමන් කැමති විදියට ඉගෙනීම් කටයුතු කරන්න අවකාශය ලැබෙනවා.බාදක නෑ.ගැටලු නෑ.අවසානයෙදි අපි මේ මාර්ගයේ ම තැනකදී ස්තාවර වෙනවා.එතන දී අපිට ආදරයක් ගැන හිතන්න අවස්තාව එනවා..

මතක තියාගන්න එතකොට අපිට එතනදි ලැබෙන ආදරේ..අපිට අංක එකේ දි මතු වුන ගැටලු ගොඩාක් විසඳගෙන තමයි අපිට හම්බෙන්නේ..මොකද අපිට හම්බෙන කෙනාත් මං ස්තාවර වුන මට්ටමේ ම ස්තාවර වුන කෙනෙක් වෙනවා.අදරයක් අපිට අති වෙන්නේ අපි නිතරම ගැටෙන තැනක ඉන්න මුහුනක් එක්ක.අපිට ඉස්සර ආදරේ ඇති වුනේ අපි හා සමාන වයසෙ ඉන්න අපේ පංතියේම කෙනෙක් උනෙත් ඒක ම තමයි.මෙන්න ම්ං පෙන්වන අංක දෙක.මොකක් ද ඔයා ‍තෝර ගන්නේ..??? මේකෙ ගැටලු ගොඩාක් තියෙන්න පුලුවනි.ඒ වගේම ගොඩාක් මත බේද තියෙන තැන් තියෙන්නත් පුලුවනි.ඒ හැමදේකට ම මේක විවෘතයි.මේකෙ දි ඔයාට ඇති වෙන ගටලු මං දන්නවා.ගොඩාක් වෙලාවට ඒවට උත්තර මගේ ඊලඟ ලිපියෙන් ඔයාට හමුවේවි.එතෙක් ඔයාගේ සිතුවිලි වලට මගේ ඉඩ...ජයවේවා!!!

                                                  ඔයාගේ ම අදරනීය අයියා..

කොහොමද
මගේ අදහසනම් කියන්න වචන නෑ
ඔයාලට දැනුනේ කොහොමද????????????





4 comments:

  1. මෙ කතන්දරෙ ඒ වයසෙදි දැනුනෙ නැති වුනාට මෙක අැත්ත. ඒත් කීයෙන් කී දෙනාද මෙ විධියට ඒ වයසෙදි හිතන්නෙ.ඒහෙම හිතන අයගෙ ජීවිත හුගක් වෙලාවට සාර්ථකයි.ඔබට ස්තූතියි.

    ReplyDelete
  2. ඔවු සහෝ සම්පූර්ණ ඇත්ත ගොඩක් වටිනවා කොමෙන්ටුව

    ReplyDelete
  3. ලොකු මහත්තයා කතාවේ අකුරු පේන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. අප්පට ඔවු නොවෑ මම හදඤ්ඤං

      Delete