පිටු

Tuesday, September 11, 2012

මට සමාවෙයන් මල්ලි................ [කෙටි කතාව]





"මොකද්ද මේ කන කඩාගෙන යන සද්දේ "

ෆෝන් එකේ එලාර්ම් එක මහ හඬින් කෑ ගහන සද්දෙන් සුව නින්ද බිඳ වැටුනා....

ඇඳේ ඉඳගෙනම මම ෆෝන් එක අතට ගත්තා...

"අප්පට සිරි 6.25 යි නේද"

"ගෙදරට කීවෙත් නෑ තවම අද කොළඹ යන්න ඕනේ කියලා.පිකට් එකේ කතාව කියලා යන්න දෙන්නැතිවෙයිද දන්නේ නෑ"

ලහි ලහියෙම උණු කිරි කෝප්පෙට තියන ආසාව අතෑරලා අප්පච්චි ලඟට සේන්දු උනා..‍අයියත් හෝ ගාලා ලෑස්ති වෙනවා..පොරට වැඩට යන්න පරක්කු වෙලාද කොහෙද..

"අප්පච්චි".....
"අද මම කොළඹ යන්නද"?
"යාලුවෝ වගයක් එනවා කීවා කැම්පස් වහලත් නිසා, පොඩි රවුමක් දාලා එන්නම්",....

අප්පච්චිට කට අරින්න උනේ නෑ..අයියා එක පාරටම කඩා පැන්නා..

"නෑ උඹ කොහෙවත් යන්නේ නෑ..උඹ යන්න යන්නේ අද කොළඹ තියන පිකට් එකට නේද..අද ඕකට ගහන්න කියලා අපිට ඉහලින් ඕඩර් එකක් ඇවිත් තියෙන්නේ,අනිවාර්යෙන් ගහනවා" අනිවාර්යෙන් ගහන්න වෙනවා,නැත්තම් අපිත් ගස්"...
"යන්න දෙන්න එපා තාත්තේ මූට"...

වැඩේ ගැස්සුනා අයියා හින්දා...

"කමක් නෑ එහෙනම් ඉන්නම්".....මම කිවුවා..

අප්පච්චි නම් මොනවත් කිවේ නෑ..යනවනම් පලයන් වගේ හිටියා...

අයියා ඉක්මනටම පිටත් උනා..අප්පච්චිත් බයික් එකේ වත්ත පැත්තට පිටත් උනා...

ඔන්න ඔය අතරේ අම්මට බටර් පාරක් දාලා මම කොළඹ යන්න පිටත් උනා...

...................................................................................................................................................................

පැය තුනහමාරක ගමනකින් පස්සේ කෝච්චිය කොටුව ස්ටේෂන් එකට සේනුදු උනා..
එන යන කෝච්චි වල සද්දෙ මැඩගෙන පාර දිහායින් කෑකෝ ගහන සද්දයක් උස් හඬින් මතුඋනා..
එලියට එද්දි පිකට් එක පටන් ගන්නවා..ඒ මදිවට මොර සූරන වැස්සකුත් කඩාන වැටෙන්න ගත්තා..

"විශ්ව විද්‍යාල වහා විවෘත කරනු"...
"දල දේශීය නිශ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරනු" 


කියන විශාල බැනර් එක මැද්දෙන් මමත් සෙනඟ අතරට එකතු උනා...

පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට බස් නැවතුම් පල දෙසට සටන් පාඨ කියමින් ගමන් ගත් පෙලපාලිය නැවතත් කොටුව දුම්රිය ස්ථානය දෙසට ඇදුනා..

අප ඉදිරියෙන් යුධ ටැංකියකට සම වතුර විදින ට්‍රක් රථයද යකඩ වැටට පිටුපසින් කැරලි මර්ධන ඒකකයද සිටුවා සිටියා..

"අයියත් ඔතන පිටිපස්සේ ඇති මට හිතෙන්නේ..මූ අද කොළඹ එන්න ඇත්තෙ ඒකයි...එහෙනම් අද අයියලා අපිට ගහයි.."

හිත හිත ඉන්න ඉඩ ලැබුනේ නෑ..ඉදිරිපසින් වතුර විදිනවාත් සමඟම කඳුලු ගෑස් ටින් අප දෙසට පතිත උනා..
සෙනඟ සී සීකඩ දිවගියා...

ටික වෙලාවකින් එකා දෙන්නා නැවතත් බැරියර් ආසන්නයට එකතු උනා..අන්තරේ කැඳවුම්කරැ ඹල්වරසන් මැද යකඩ වැට මතට නැඟුනා..

ඔය අතරේ මගේ ෆෝන් වයිබ්‍රේට් වෙනවා A Aiya ලොකුවට ඩිස්ප්ලේ එකේ..මම එහෙමම ෆෝන් එක සාක්කුවට දාගත්තා...අයියා..දැක්කද දන්නෙත් නෑ..පේන්න විදිහක් නම් නෑ...දැක්කත් මොකද...
මට හිතුනා

පොලිස් නිළධාරීන් ද සාවදානව කතාවට සවන් දුන්නා...
සියලු දෙනාගේ කතා වලින් පස්සේ..අපි සියලු දෙනා නිවාස බලා පිටත් උනා..

ස්ටේශන් එකෙන් බහිද්දි මාව ගෙදරට එක්ක යන්න අයියා ඇවිත් හිටියා..පොලිස් යුනිෆෝම් එක පිටින්ම..

"මූ කලින් එන්න ඇති එහෙනම්"..

මම බයික් එකට නැංගා..

ගෙදර යනකම් අපි අතරේ කිසිම කතාවක් උනේ නෑ..................

ගෙදරට ගොඩවෙද්දි..අයියා මාව තදින් බදාගත්තා...ඇස්වල කඳුලු...

මට සමාවෙයන් මල්ලි...මගේ යදමින් බැඳගත්ත ආත්මයට සමාවෙයන්..!!

අයියා හිමින් මිමිනුවා...





14 comments:

  1. Replies
    1. බස්සාගේ වොයිස් එක මී ගොඩයා දාලා හි හි..ආවට තැන්කූ යාලුවා...

      Delete
  2. සංවේදීයි... ඇත්තටම කතාවක් නෙමේ නේද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමා මුල හරියනම්....නමුත් මෙහෙම වෙන්න බැරිකමක් නෑ....අනික ඉස්සරනම් හිටියා පොලිසියේ පොලිස් මහත්තුරු දැන් නම් ඉන්නේ මහත් හොරැ ඒ ඉස්සර හිටි අය නම් මුදලට තමුන්ගේ ආත්මය පාවා දුන්නේ නෑ...ආවට ස්තූති සහෝදරී

      Delete
  3. මාරම සංවේදියි පෝස්ට් එකක් ....................
    ඔබ මොන විශ්ව විද්යාලේද සහෝ?කොළඹ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති හිරූ...මම හිතන්නේ ලෝකෙන් ලස්සනම සුන්දරම කැම්පස් වලින් එකක කියලා....

      Delete
  4. ඇත්තටම හිතට වදින්නට ලියලා තියේ.ජය!http://anuharshi.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට....

      Delete
  5. බොක්කට වදින්න ලියන හැටි ලස්සනයි ....:)

    ReplyDelete
  6. මල්ලී කළේ එයාගේ වගකීම අයියා කළේ එයාගේ රාජකාරිය.....

    ReplyDelete
    Replies
    1. නෑ මල්ලි කලේ එයාගේ වගකීම තමා නමුත් අයියා කලේ ආත්මය පාවා දුන්න එකයි

      ආවට තැන්කු

      Delete
    2. හොඳයි එහෙම නම් ඔයා හිතන විදිහට අයියා පොලිස් නිලධාරියෙක් විදිහට ඒ වෙලාවේ තමන්ගේ ආත්මය පාවා නොදී ඉන්න නම් කරන්න ඕනේ මොකක්ද ???

      Delete
    3. ඒකට උත්තර මම ගාව නෑ ....

      Delete