නුඹ.......
ගීතනම් මහ ගොඩකි
නුඹ ගැනම ගැයෙන
අසා ඇති දා සිටම
හිතේ ඇති ලෙන්ගතුකම
ටිකෙන් ටික එකතු වී
ඇති අරුම ය
දැන් මහ ගොඩක් වී ඇත
තිබිණි කුතුහලය
හිත තුලම වැඩුනු
මහා මෙරක් මෙන්
කොපමණ හැඩද නුඹේ රුව
කෙතරම් සිහිලසක් දැනේ ද
නුඹ ලඟ
සියුම් බියකුත් නැතිව තිබුනා ද
නොවේ
ඉවසිල්ලක් ද හිතට නොතිබුණි
දකින තුරැ විඳින තුරු
ඒ අපමණ සුවය ඔබගෙන්
හන්තාන කුමරියේ
කෙතරම් අපූරුද
සුන්දරද
ඒ ගෙවී ගිය
හෝරා කිහිපය නුඔ ලඟ...........
කට්ටිය ගේ සැප සනීප කොහොමද කාලෙකින්
හම්බුනේ නේද.මමත් මේ දවස් ටිකේම ඔහේ හිටියා
ලියන්න හිත දුන්නෙත් නෑ.නොහිතුනාම නෙවේ
ලියන්න සිත්විල්ලක් පහල උනේ නෑ.
මේක පහල උනේ නම් පොඩි සිද්දියක් නිසා.මොකද
89 90 කාලේ කවුරුත් අහලා ඇතිනේ.මම මතක්
කරලා දෙන්න ඕනේ නෑනේ.පේරාදෙණිය සරසවියේ
වගේම හැම සරසවියකම කොල්ලෝ කෙල්ලෝ
දහස් ගානක් මේ කාලේ ඝාතනයට ලක් උනානේ.
ඉතින් පේරාදෙණිය ගැන මතක් කලොත් ඊ ලඟට
අපේ හිත් වලට එන සිතුවිල්ලනේ හන්තාන.
මේ කාලේ ඉගන ගත්තු කොල්ලෝ කෙල්ලෝ මරණ
භය නැතිකරගෙන තියෙන්නේ හන්තාන කන්දේ
හැන්ගිලාලු.මේ අය සිහිකරන්න සරසවියේ හැම
අලුත් කණ්ඩායමක්ම හන්තාන කන්ද තරණය
කරන්න යෙදෙනවා.අපිත් මේ වාසනාව ලබාගත්තා
මේ ලඟ දි දවසක්.
මේ නිමිත්තට මට හිතුන දෙයක් තමා මම ලිව්වේ
එදා ගත්තු ෆොටෝ ටිකකුත් මම දාන්නම්කෝ.
ආසයි ඒ සිසිල විදගන්න
ReplyDeleteආයේත් එදා මෙන් තෙවසරකට පෙර
මතකයි වැළදගත්තා ආදරේන් ඇය
විසිතුරු සුමිතුරු හදබැදි හන්තානයි අය
නවතින්නට ආසයි මට සදහටම
හන්තාන සිසිල විදිමින් සිත ගත පුබුදන්න
කරුමයකට තේරුනු කැලණියට
ගොඩනැගිලි, වාහන, වයර්, මං හැර කිසිත් නැත.
බොහොම ස්තූතිය සහෝ අදහසට
ReplyDeleteඑහෙම හිතන්නත් එපා
දිනෙක මා නුඹ බලන්නට එමි...
ReplyDeleteසත්තකින්ම...
හන්තාන කොමළියේ...
නුඹෙ සුවඳ විඳගන්න...
හෙමි හෙමින් සිපගන්න
ආසයි මටත්
සත්තකින්ම...