පිටු

Monday, August 20, 2012

ස්ට්‍රයික්............[කෙටි කතාව]





ටං ටං ටං..................................


මගීන් කරුණාවෙන් සවන්දෙන්න.
මේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයයි.තුන්වන වේදිකාවට දැන් පැමිණි දුම්රිය අනුරාධපුර ඕමන්තේ බලා ධාවනය වේ.
දුම්රිය නවත්වන්නේ අඹේපුස්ස,අලවුව,පොල්ගහවෙල.
පොල්ගහවෙල සිට අනුරාධපුර ඕමන්තේ දක්වා ඇති සියළුම දුම්රිය ස්ථාන වල නවත්තනවා ඇති..


ටං......ටං........ටං................................


' යකඩ කටේ කන්දොස්කිරියාව දැන් ඉතින් ගෙදර යනකන් විනාඩි පහෙන් පහට අහන්න එපැයි '
මට එහෙම හිතුනා...

"අද අදිනවා ජයෝදා,ගොවිසෙත,ජනජය, වාසනාව අද අදිනවා අද".....

' ඒත් එක්කම ස්විප් ටිකට් විකුනන ගෑනු මනුස්සයෙක් කෝච්චියට ගොඩවුනා '
' කොන්ඩේ ටිකක් පැහිලා..එක අතකින් ඉටි බෑග් එකක් එල්ලගෙන.අනෙක් අතේ ටිකට් මිටියක් '

'මගේ හිත ක්ෂණයෙන් ගෙදරට දිවුවා.'

'අම්මා දැන් අනුරාධපුරේ ඉස්පිරිතාලේ ඉස්සරහා කෑගගහ ඉඳිආප්ප,පිට්ටු විකුනනවා ඇති....උදේම නැගිටලා හදලා බස් එකේ තනියම අරන් ගිහින්..මාර ගහ ඉස්සරහ.ගිනි රස්නෙට පිච්චි පිච්චි'....

'මගේ ඇස් දෙකට කඳුලු පිරුණා.'

'මම දැන් ගෙදර ගියත් ගෙදරට බර වැඩියි.මල්ලිත් ඉන්නවනේ.මල්ලි මම එනවා කියපු හින්දා සතුටින් ඇති.මිනිහ මේ පාර විභාගෙත් හොඳට ගොඩදාගන්න ඇති.'
'ඒත් ඉතින් වැඩක් තියනවා ඇයි අර ඒ තුන තියන උන්ටත් කෙල වෙලා තියෙන්නේ'.
'උන්ටත් කැම්පස් යන්න බැරිවෙලා තියෙන්නේ' 
'දැන් විභාග පාස් උනත් වැඩක් නෑ.සල්ලි තියන උන්ට විතරයි ඉගනගන්න පුලුවන්.මට එහෙම හිතුනා.'

'අපිටනම් දෙයියන්ගේ පිහිටෙන් කැම්පස් යන්න පුලුවන් උනා'..

'ගෙදර ගියාම නම් ජොබ් එකකටවත් යන්න වෙයි.අම්මත් දැන් හොඳටම වයසයි.අම්මට ඔය රස්සාව දිගටම කරන්නත් බෑනේ...මේ ස්ට්‍රයික් එකත් දිගටම ඇදෙයි වගේ'....


"ද..ඩ.ස්...බ..ඩ..ස්"...........

'කෝච්චිය අද්දන සද්දෙන් මම පියවි සිහියට ආවා'.............................

9 comments:

  1. ඔව්වා කොලබ උන්ට තේරෙන්නෑ,
    ඇමැටිලටත් තේරෙන් නෑ,

    ReplyDelete
  2. ඇත්ත ඇත්ත දූපත් වැසියා.කවි වලින් කතා වලින් පෝස්ටර් වලින් බුක් එකෙන් අරකෙන් මේකෙන් හැම එකෙන්ම කියන්න හැදුවට වැඩක් නෑ

    ReplyDelete
  3. ඔන්න මමත් ආව ඉබ්බව බලල යන්න.හ්ම්ම්...හැමතැනම Strike....

    ReplyDelete
  4. :( :( මට හෙන අවුල් අප්පා මේක කියවල..;(

    ReplyDelete
    Replies
    1. අර මක්කටයි.මේක මගේ ජීවිත කතාව නොවුනට ගොඩක් අයගේ ජීවිත කතාව

      Delete
    2. තැන්කූ තැන්කු ආවට

      Delete
  5. මෙහෙම තමයි ඉබ්බෝ, ඇමතිලාට ඔය ටික තේරෙන්නේ නැති හැටි

    ReplyDelete
    Replies
    1. ඇමතිලා නෙවේ මචෝ ඇ මැටිලා....ආවට තැන්කු

      Delete