පිටු

Monday, August 27, 2012

මම නුඹට ආදරෙයි..........






සෑහෙන කාලෙකින්
නැවතුනේ මම ඔබ ලඟ
ඇත්තටම කිව්වොත් 
ඇස් දෙක ළඟ........
ඇස් දෙකට 
ඇස් දෙක හමුවුනාමනම්
මේච්චර කාලෙකට 
මගේ හිතෙන් පිටවෙච්ච
ගිනි අඟුරු නිවිලා ගියා
වගේ දැනුනා......
ඒ ඇස් වල එච්චර ආදරයක්....
තවමත් මම ඒ ආදරේ 
විඳිනවද මන්දා....
ඒ ආදරේ පිරිච්ච ඇස්....
මම මගේ හැම සිතිවිල්ලකම 
හොයනවා වගේ....
ඒත්....
ආවා වගේ
යන්නත් එපැයි නේ.....
දුකින් පිරුණු මූණ
හඳ වලාකුළකින් වැහුනා වගේ

"අපි අය කවදද හම්බෙන්නේ"?

මම හෙමින් මිමිණුවා...............

මේක ටිකක් කාලෙකට කලින් ලියපු එකක්.මූණු පොතට දැම්මා ඒත් බොලොක් එකේ පල කොරන්න බැරිඋනා.හොඳයි කියලා හිතෙනවානම් මොනා හරි කියලම යන්න.ඒක මට ලොකු හයියක්.........

11 comments:

  1. ලස්සනයි යාලු..:)

    ReplyDelete
  2. ආදර හැඟීමක් ලස්සනට ලියලා...සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු ආවට මේ පැත්තේ මමත් සෙට් වෙන්නම් බ්ලොග් එකට

      Delete
  3. හැඟීම්බර ආදරයක් පද වලට පෙරළුනාම කොයිතරම් නම් ලස්සනද

    ReplyDelete
    Replies
    1. අපෝ එච්චර හැඟීමබරමත් නෑ හී හී

      Delete
  4. ඔන්න මග පෙන්වීම හරහා මමත් ආවා බලල යන්න...ඉබ්බාට දැනුනු හැඟීම මටත් ආදරය කරන කාලෙදි දැනිල තියනවා" ඉතින් ආයෙ කවද්ද හම්බෙන්නෙ"? මමත් අහල තියනව

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ...ඒක තමා ආදරය කරන කාලෙදි කියන්නේ ඇයි....

      Delete
  5. නි


    යි... ඉබ්බෝ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම තුති ආවට ඒ පැත්තේ එන්නම්...........

      Delete